බිංතඹුරු bintamburu

 

බිංතඹුරු  ipomoea pes-caprae

 

  

තරමක අලංකාර ශාඛයක් වන බිංතඹුරු ශ්‍රි ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල වැවැන ශාඛයක් ලෙස හැදින් විය හැකිය. මෙය ඔසු ගුණයෙන් අනුන ශාඛයක් ලෙස හැදින් විය හැකිය. එය බිම දිගේ වැඩෙන බහු වාර්ෂික වැල් ශාකයකි. ඝන වූ මුදුන් මුලක් දරන අතර බොහෝ විට පර්වයන්ගෙන් මුල් හට ගනී. මාංසල සරල පත්‍ර ඒකාංශ, අණ්ඩාකාර, ප්‍රත්‍යණ්ඩකාර, ඉලිප්සාකාර, වක්‍රාකාර ආදී විවිධ හැඩන් ගනී. පත්‍රයක් දිගින් සෙ.මි. 3-10 පමණ වේ. පුෂ්ප මංජරියේ බොහෝ විට තනි පුෂ්පයක් දරන අතර ඇතැම් විට බහු අක්ෂයකි. තරමක් විශාල පුනීලාකාර මල් රෝස පාටට හුරු දම් පාට ය. කලාතුරකින් සුදු පැහැති මල් හට ගන්නා ප්‍රභේදයක් හමුවන අතර එය එළ බිංතඹුරු යනුවෙන් හඳුන්වයි. ඵලය කොටස් හතරකට බෙදුණු ස්ඵෝටිකාවකි. ඒ තුල මි.මි. 6-10 පමණ වන දුඹුරු හෝ කළු පැහැති බීජ පිහිටා තිබේ. මෙවැනිම බිංතඹුරු නමින් හඳුන්වන  Ipomoea asarifolia නම් විශේෂයක් ද ලංකාවෙන් හමුවන අතර එය මෙරටට ආගන්තුකව පැමිණි ශාකයක් ලෙස සැලකේ. බිංතඹුරු Connvolvulaceae  උද්භිද කුලය අයත් ශාක විශේෂයකි.

 

ආමවාත, වාතරක්ත, රක්තවාත, පූයමේහ, අන්ත්‍රශූල, සන්ධිශූල, කුෂ්ඨ, විෂ, කාස, ගුල්ම, උදරරෝග, වණ, වණ සහිත ඉදිමුම්, රක්තප්‍රදර, අර්ශස්, උදරාධ්මාන, අජීර්ණ, ශරීර දාහය, රක්තහීනතාවය, සුප්තවාත, ස්නායු දුර්වලතා, අස්ථි භග්න ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කීමට බිංතඹුරු සම්පූර්ණ ශාකයම භාවිතා කරයි. බිංතඹුරු වමනකාරක, විරෙචක, රක්තශෝධක, මුත්‍රකාරක, ඉදිමුම් සමනය කරන, ශක්තිජනක, විෂනාශක ආදී ගුණ සහිතයි. බිංතඹුරු ක්වාතය, බිංතඹුරු ස්වරසය බිංතඹුරු යොදා නිපදවන ඖෂයන් ය.
වළලුකර ඉදිමීමට බිංතඹුරු කොළ, අමුකහ, ලුණු සමඟ කොට මලවා බඳී. ආමවාත, වාතරක්ත, පූයමේහ, ජලෝදර, සන්ධි ඉදිමුම් ආදියට බිම්තඹුරු කොළ සහ මුල් තැම්බූ කෂාය බොන්නට දෙයි. ජලෝදර රෝගය සඳහා මුත්‍රකාරකයක් ලෙස බිංතඹුරු යුෂ යෙදීම හා තලාගත් පත්‍ර ප්‍රලේපය උදරයේ ආලේප කිරීම සිදු කරයි. විසර්ප, ආමවාත, ඉදිමුම්, කෙණ්ඩාපෙරලීම්, දියවැඩියාව නිසා හට ගන්නා තුවාල ආදියට බිංතඹුරු කොළ අඹරාගත් ප්‍රලේපය ආලේප කරයි. චර්ම රෝගවලට බිංතඹුරු යුෂත්, වාතරක්ත සහ සන්ධි ඉදිමුම් ආදියට පත්‍ර යුෂත් යොදා ප්‍රතිකාර කරයි. ගුදභ්‍රංස සහ පාද ආසාදනවලට අදාල ස්ථාන බිංතඹුරු කොළ තැම්බූ ජලයේ බහා තබයි. කැඩුම් බිඳුම්වලදී බිංතඹුරු කොළ එළඟිතෙලින් මලවා බඳී. මෙවැනි රෝග සදහා මෙම ශාඛය භාවිතා කළත් එය නිමය මාත්‍රාව දැන ගෙන භාවිතා කළ යුතුය. ඒ සදහා සිංහල වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබා ගත යුතුය. මේ ලිපිය මගින් බිංතඹුරු ශාඛයේ ඹෟෂධ ගුණයන් පිළිබදව දැනුත් කිරිමක් පමණි. මෙය රෝග සදහා භාවිතා කිරීමට වෛද්‍යවරයකුගෙන් උපදේස් ලබා ගත යුතුය.


    මූලාශ්‍ර : ඖෂධීය ශාක සංග්‍රහය

 

පින්තුරය අන්තර්ජාලයෙන් ලබා ගත්තකි


 ඔබ සැමට තෙරුවන් සරණයි

Post a Comment

أحدث أقدم
LightBlog

Top Post Ad

LightBlog