සිංහල භාෂාවේ දක්නට ලැබෙන ප්‍රස්තාව පිරුළු
(මෙම පින්තූර අයිතිකරු සතුය)
සිංහල භාෂාව දීර්ඝ කාලයක් භාවිතා කිරිම නිසා රසවත් යෙදුම් භාෂාවට එකතු විය.ඒවා අතර ප්‍රස්තාව පිරුළුවලට සුවිශේෂි තැනක් හිමිවේ. ඒ අනුව ප්‍රස්තාව පිරුළු යනු අවස්ථාවට උචිත කියමන, නැති නම් තැනට සුදුසු කියමන බඳු අදහසක් මේ යෙදුම් දක්නට ලැබේ. බොහෝ විට මේවා පබැඳි ඇත්තේ. කිසියම් කතාවක් හෝ සිදුවීමක් මුල් කොට ගෙනය. එසේම කිසියම් සත්‍යතාවක් මුල් කර ගත් පිරුළු ද ඇත. ලු සේ. මෙන්. වැනි. වගේ නිපාත වලින් බොහෝ විට මේවා කෙළවර වී තිබෙනු දැකිය හැකි ය. මුඛ පරම්පරාගතව ඉදිරියට ගෙන ආ භාෂාත්මක යෙදු ලෙස හැදින්විය හැකිය. පොදු ජනතාවගේ ව්‍යවහාර භාෂාවේ පොහොසත්කම පෙන්වා දීමට ප්‍රස්තාව පිරුළු උපකාරිවේ.
(1) අටුව කඩා පුටුව හදන්නා වගේ - විශාල පාඩුවක් ගැන නොසිතා සුළු ලාභයක් පතා වැඩ
කිරීම.
(2) අටුවෙන් දුමට පැන්නා වගේ - කරදරයකින් වැඩි කරදරයකට පත්වීම.
(3) අඬුව තියෙද්දි අත පුච්ච ගන්න එපා - නිවැරැදි ක්‍රමය අනුගමනය. කරමින් විපතින්
ගැලවෙන්න.
(4) අත හයිය නම් බත නොවැරැදේ - උත්සාහ කළොත් ජය ලැබේ. (5) අතරමඟදී අත්වැල
කැඩුණා වගේ - මඟදී බලාපොරොත්තු සුන්වීම.
(6) අතදීලා දත නියවන්න එපා - උදවු කරන බව පෙන්වා වැරැදි කරන්න එපා.
(7) අතු කඩා මොර කන්නා වගේ - ආදායම් මාර්ග සම්පූර්ණයෙන්ම වසා ගැනීම.
(8) අතිරසත් තිත්ත වෙනවාලු - ප්‍රමාණය ඉක්මවීමෙන් දුර්විපාක ලැබේ.
(9) අනුන්ගේ මඟුල්ගෙදරදී තමන්ගේ ආදරය පෙන්වන්නා වගේ - වෙන අයගේ වියදමින්පිට
අයට සංග්‍රහ කිරීම.
(10) අන්තිම ඉත්තත් අදිනවා - අවසාන උත්සාහයත් යෙදීම
(11) අනුන්ගේ පානෙන් එළිය බලනවා වගේ - පිට අයගේ උපකාරයෙන් කටයුතු කිරීම.
(12) අනුන්ට හෑරූ වළේ තමන්ම වැටුණා වගේ - අනුන්ට උගුල් අටවන්නට ගොස් තමන්ම
විපතට වැටීම.
(13) අනේ කාලේ වනේ වාසේ - නරක කාලයේදී හිතවතුන්ගෙන් ඈත්වී සිටීම.
(15) අබ කෑ මිනිහාගේ නහය දනවා වගේ - තමන් කළ වරද තමන්ට දැනීම.
(16) අබරා සිල් ගත්තා වගේ - නුපුරුදු දේ කරන්නට ගොස් කරදරයේ වැටීම.
(17) අබුද්දස්ස කාලේ ලබුත් තිත්තලු - අයුක්තිය බලපැවැත්වීම.
(18) අමාරුවට මතේ අප්පුත් වෙදරාළ වීම - හදිසියකදී කාගෙන් හෝ පිහිටක් ලබා ගැනීම.
(19) අමු කැවිලා වගේ - දැඟලිල්ල වැඩිවීම
(20) අම්මා පෙවූ රන් කිරි මතක් වීම - විශාල කරදරයකදී මවුපියන් සිහිවීම.
(21) අරුම පුදුම රටේ පනමට පොල් හැටේ - පුදුම සහගත දෙයක් සිදුවීම.
(22) අලි යන සිදුරු තිබියදී කූඹි යන තව් වැහීම - විශාල වැරැදි තිබියදී කුඩා වැරැදි
නිවැරැදි කිරීම.
(23) අලි ගිය අඩිපාර බලන්න කණ්ණාඩි ඕනෑද? - අනුවණ ක්‍රියාවක් කිරීම.
(24) අශ්වයාට අං ලැබුණ වගේ - ඕනෑවට වඩා උඩඟු වීම.
(25) අහසට ඉණිමං බඳින්නා වගේ - නිෂ්ඵල ක්‍රියාවක් කිරීම.
(26) අහසේ මාලිගා තනනවා වගේ - ප්‍රමාණය ඉක්මවා බලාපොරොත්තු ඇතිකර ගැනීම.
(27) අළු ගොඩට පිඹින්නා වගේ - මෝඩ වැඩක් කිරීම. (තමාට මෙන්ම අනුන්ටද අහිතකර
ක්‍රියාවක්)
(28) අහසේ තරු වගේ - ඉතා බහුල ලෙස යමක් තිබීම.
(29) ආචාරියා රවටා කැත්ත හැදුවා වගේ - අනුන් රවටන්නට ගොස් තමන් රැවටීම.
(30) ආච්චි මළ දවස වගේ - විශාල සතුටක් ඇතිවීම.
(31) ආටානාටිය කියන්නා වගේ - මහ හර්ඩින් යමක් පැවැසීම.
(32) ආර්ඩි හත්දෙනා කැඳ ඉව්වා වගේ - අනුන් රවටන්නට ගොස් තමාද රැවටීම.
(33) ආතාට අටුකොස් දුන්න වගේ - වැඩකට නැති දෙයක් තෑගි දීම.
(34) ආරේ ගුණ නෑරේ - ජන්ම ගතිය වෙනස් නොවේ.
(35) ඇතා ගිලපු දිවුල වගෙයි - ඇතුළත කිසි දෙයක් නැහැ.(36) ඇතා වැහැරුණත්
කොරහේ නාවන්න බැහැ - ධානපතියා දිළිඳු වුවත් බැගෑපත් බවට නොපැමිණේ.
(37) ඇද ගසේ සෙවණැල්ලත් ඇදලු - වැරදි ක්රියාවේ විපාකයත් අනිෂ්ට වේ.
(38) ඇඳිරි ගෙට කැවුම් දික්කළා වගේ - බොරු තෑගි දීමක්.
(39) ඇමක් දී මාළුවෙක් අල්ලන්නා වගේ - සුළුවෙන් යමක් දී වැඩියමක් ලබා ගැනීම.
(40) ඇල්වතුරෙන් බෙල්ල කපනවා වගේ - මිතුරු වෙසින් සිට විපත් කිරීම.
(41) ඇවිළෙන ගින්නට පිදුරු දමන්නා වාගේ - වැඩි වැඩියෙන් කරදර ඇති කිරීම.
(42) ඉඟුරු දී මිරිස් ගත්තා වගේ - යම් අපහසුවකින් මිදීමට ඊට වඩා කරදරයක් සහිත
දෙයක් කිරීම.
(43) ඉණිමගට පයින් ගහන්නා වාගේ - උදවු ලබාගත්තාට පසු උපකාරය අමතක කිරීම.
(44) ඉබ්බාගෙන් පිහාටු ඉල්ලන්නා වාගේ - යමකුගෙන් ලබාගන්නට නොහැකි දෙයක් ඉල්ලීම. (45) ඉබි කබලුත් බේතට ඕනෑලු - වටිනාකමක් අඩු දේ වුවත් අවශ්‍ය වේලාවල් ඇත.
(46) ඉස අතගා ඇස උගුල්ලන්නා වාගේ - මිතුරුකම පෙන්නා සතුරුකම් කිරීම.
(47) උගුරට හොරා බෙහෙත් කන්නා වගේ - අකැමැත්තෙන් යමක් කිරීම.
(48) ඉසරුදාවට කොට්ටෙ මාරු කළා වගේ - වැරැදි ප්‍රතිකාර කිරීම.
(49) උඳු වපුරා මුං බලාපොරොත්තු වෙන්නා වගේ - විය නොහැකි දෙයක් බලාපොරොත්තු
වීම.
(50) උරුලෑවා ගිය පාර වාගේ - අසත්පුරුෂයා යන හැම තැනකම වැරැදි කරයි.
(51) එළිපත්තේ ඉන්නා බළලා වගේ - කරන්නේ කුමක්දැයි කිව නොහැකි වීම.
කබලෙන් ලිපට වැටුණ වගේ - කරදරයකට පත්ව සිටියදී ඊටත් වඩා කරදරයකට පත් වූ අවස්ථාවක53 පරංගියා කෝට්ටේ ගිය වගේ - ඉතා ළඟක ඇති ස්ථානයකටනොදෙනුවත්කම නිසා විශාල දුරක් ගෙවා පැමිණීම 54 කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ - යමක වටිනාකම නොදත් යමකුට එය පිරිනැමීම සිදු වූ විට 55 බළලුන් ලවා කොස් ඇට බාවනවා වගේ - අවදානම් ක්‍රියාවක් වෙනත් අයෙකු ලවා කරවාගන්නා විට 56 වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුන වගේ - ඉතාම සත්භාවයෙන් යමක් කරන්න ගිය විට ඉන් කරදරයට පත් වීම57 කළුවා මාරපන් ගියා වගේ - යමෙක් හරිහැටි කරුණු අසා නොගෙන අරමුණක් නැති ගමනක් ගිය විට 58 වක්කඩේ හකුරු හැංගුවාවගේ - වටිනා දෙයක් පරිස්සමට විනාශ වී යන තෙනක තැබීමෙන් එය හානි වූ විට 59 ඉත්තෑවාගේ ගෙට කැබැල්ලෑව රිංගුවා වගේ - යමෙකුට උදව් කිරීමට ගොස් තමාගේ දේ ඔහු අයිතිකර ගත් විට 60 වඳුරට දැලි පිහිය අහු වූනාවගේ- සුදුසු නැති පුද්ගලයෙකු අතට යමක් පත් වූ විට සිදු වන අනර්ථය දැක්වීමට
61 ලෝභයාගේ බඩු කූඹි කාවාවගේ - මසුරු කමින් තබාගත් දෙයක් වෙනත් අයුරකින් විනාශ වීම 62 අඬන්න ඉන්න ඇහැට ඇඟිල්ලෙන් අන්නා වගේ - යමක් සිදුවීමට ආසන්නයේ තිබියදී වෙනත් බලපෙමක් නිසා එයට අනුබලයක් ලැබීම 63 අවුරුදු කන්න ගිහින් බඩගින්නේ ආව වගේ - විශාල ලෙස බලාපොරොතු වී එම බලාපොරොත්තුව සුන් වීම 64 අන්ධයා අලියාගේ හැටි කිව්වා වගේ - තමන් හරි හැටි නොදන්නා දෙයක් ගැන යමෙක් පවසන විට 65 ගහෙන් වැටුන මිනිහට ගොනා අන්න වගේ -එක කරදරයක් සිදු වීමත් සමග තවත් කරදරයක් සිදී වීම
66 හිගන්නාගේ පාත්තරේට හෙනහුරා ගැහුවා වගේ - අසරණව සිටින අයෙකු තවත් අසරණ කිරීම 67 විෂ්ණු දෙවියොත් බටකොළ කෑවා වගේ - බලවත් පුද්ගලයන්ට පවා නරක අවස්ථා උදා වන බව 68 ඉසේ කැක්කුමට කෝට්ටේ මාරු කළා වගේ - ප්‍රශ්නයට පිළියම් නොකර නිෂ්පල දෙයක් කිරීම 69 ඉස්සරින් ආපු කනට වඩා පස්සේ ආපු අග ලොකු උනා වගේ - මුලින් ලද දේට හෝ පුද්ගලයට වඩා පසුව ලද දේ හෝ පුද්ගලයා අගය කරන අවස්තාවක
70 කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ - නරක දෙයක් හෝ කෙනෙක් සමග තවත් නරක දෙයක් හෝ කෙනෙක් එකතු වීම 71 පුහුල් හොරා කරින් දැනේ - යමක් සිදු කල පුද්ගලයා ළගම ඒ පිලිබඳ සාක්ෂි තිබීම 72 දාහට අරන් සීයට දුන්නා වගේ - ඉතා කනස්සල්ලයෙන් සිටින අවසතාවක 73 බල්ලාගේ වැඩේ බූරුවා කරන්න ගියා වගේ - තමන්ට අදාළ නැති කාර්යක් කිරීමට ගිහින් කරදරේ වැටීම 74 ලික්ෂෙන් වතුර බී මුහුදට ආවඩන්නා වගේ - යම් තැනකින් හෝ පුද්ගලයෙකුගෙන් උදව් ලබාගෙන වෙනත් අයෙකුගේ ගුණ කීම 75 ඌරගෙ මාළු ඌරගේ පිටේ තියල කපුවා වගේ - ප්‍රයෝජන දෙකක්ම එක් පුද්ගලයෙකුගෙන් ලබා ගැනීම 76 කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ - ඉතාම දුර්ලභ දෙයක් සිදු වීම
77 හොරාගේ අම්මගෙන් පේන ඇහුව වගේ - යම් වරදක් කල පුද්ගලයාගෙන්ම ඒ ගැන විමසීම.
ඔබ සැමට තෙරුවන් සරණයි
إرسال تعليق