ප්‍රාග් බෞද්ධ භාරතයේ ආගමික පසු බිම හැදින්වීම
ලෝකයේ දිර්ඝතම ඉතිහාසයකයට උරුමකම් කියන රටවල් ඇත්තේ ඉතාම අතලොස්සකි. ඉන් එක් රාජ්‍යයක් නම් භාරතයයි. කි.පු. 06 වන සිය වශයේ භාරතයේ බුදුන් වහන්සේ පහලවන විට එහි ප්‍රධාන ආගම වශයෙන් පැවැතියේ බ්‍රාහ්මණ ආගමයි. බමුනන් භාරතයට සංක්‍රමනය වු පිරිසකි. ඔවුන් ඉන්දියාවේ වයඹ දිග කපොල්වලින් ඇතුල් වී ක්‍රි.ව.2000-1500 අතර කාලය තුළ ගංගා නම් ගගේ ඉහල ප්‍රදේශවල පදිංචි විය. පසු කාලිනව ඹවුන් ක්‍රමක් ක්‍රමයෙන් මුලු භාරතයේම ජනපද අති කරමින් තම බලය පැතිර වුහ.
දි.නි බ්‍රහ්මජාල සුත්‍රයේ සදහන් වන ආකාරයට බුදුන් දවස භාරතයේ අගමික ඉගැන්වීම් 62 දෙකක් තිබුන බව සදහන්වේ එලස පැවැති ආගම් අතර භාරතය පුරාම පැතිර තිබු ආගම වන්නේ බ්‍රාහ්මණ ආගමයි. බ්‍රාහ්මණ ආගම දේව නිර්මාණවාදි අගමකි. එහි ලෝකය හා සත්වයා මවන ලද්දේ ඊශ්වර හෙවත් මහා බ්‍රහ්මයා විසින් බව පිළිගැනියි. එසේම මෙය එක දේවවාදි අගමකි. මහා බ්‍රහ්ම නම් දෙවියන් වහන්සේ පමණක් විස්වාස කරනු ලබන නිසා එය ඒක දේවවාදි ආගමක් වශයෙන් ද සලකනු ලැබේ.
ප්‍රාග් බෞද්ධ භාරතිය ජනතාවගේ සිතුම් පැතුම් අචාර සමාචාර ආදිය විග්‍රහවනුයේ වෙද සාහිත්‍යයෙන.ි එබැවින් බෞද්ධ සාහිත්‍ය හා වේද සාහිත්‍ය අතර දැඩි සම්බන්ධතාවයක් පවති. බුදු සමය පිළිබදව අධ්‍යයනයේ දි වේද සාහිත්‍ය උපකාරිවේ. වේද සාහිත්‍ය අනුව භාරතීය ඉතිහාසය යුග 04 ක් යටතේ විග්‍රහ කළ හැකිය.
1 වෛදික යුගය 2 බ්‍රාහ්මණ යුගය 03 ආරණ්‍යක යුගය 04 උපනිෂද් යුගය
1 වෛදික යුගය
වෛදික යුගයේ ආරම්භ කවදා සිදුවුයේදැයි ස්ථිර වශයෙන් ප්‍රකාශ කළ නොහැකිය මේ පිලිබදව විවිධ විද්වතුන් විවිද අදහස් ඵල කර ඇත මුල් කාලයේ උතුරු ඉන්දියාවේ ජනාවාස පිහිටුවා ගත් ආර්යයන්ට දුක්වේදනාවල දී පිහිට වීමට අධාර කරුවකු නොවීය. ඔවුන්ට උපකාරි වුයේ ස්වභාව ධර්මයේ වස්තුන් හා සිද්ධින් පමනයි. එවායේ ක්‍රියා කාරිත්වය පිළිබදව විශ්වයට පත් වු ඔවුන් ඇතැම් විට බිය ජනක බවක් ද දක්වා තිබේ මේවා ක්‍රියාත්මක වන්නේ කිසියම් ගුප්ත බලවේගයක් හේතු කොට ගෙන යැයි සිතු ඔවුන් එවාට දේවත්වයක් ආරෝපනය කොට පුද පුජා පැවැත්විමට යොමු විය. මෙසේ ස්වභාව ධර්මයේ වස්තුන් දේවියන් සේ සැලැකිම වෙදික ආගමේ ප්‍රධාන ලක්ෂණයක් වශයෙන් දැකිය හැකිය. එකල දෙවියන් සේ සලකන ලද වස්තුන් සිටින තැන් සැලැකිල්ලට ගෙන කොටස් තුනකට වර්ග කළ හැකිය.
1 ආකශස්ථ දෙවිවරු - අහසේ සිටින දෙවිවරුන් මේ නම්න් හැදින් විය ඉර සුර්යයා තරු- තාරකා සද - සෝම වළාකුලු - මේඝ
2 අන්තරික්ෂ දෙවිවරු - අහස හා පොළව අතර සිටින දෙවිවරු අන්තරික්ෂ දෙවිවරුන් නම්න් හැදින්වේ. වැස්ස -පර්ජන්‍ය සුලග - මරුත් විදුලිය විජ්ජු අරුණ - ඌෂස් වාතය - වායු
3 භූමස්ථ දෙවිවරු - පොලොවේ ඉන්න දෙවිවරු භූමි දෙවිවරු නමින් හැදින්වේ ගස -රුක්ෂ ගිනිදර අග්නි ජලය - වරුන වනයට රුද්‍ර පර්වත පබිබත පොලොව- භූසර යනුවෙනි.
ඉර හද තාරකා ගස් ගල් වර්වත ආදි දෙවිවරුන් උදෙසා විවිධ පුද පුජා පවත්වා ඇත මෙම පුද පුජා යාග හෝම නමින් ප්‍රකට විය. යාග හෝම සදහා ඹවුන් එදිනෙදා ආහාර පාන වශයෙන් ගත් කිරි ගිතෙල් පළතුරු ධාන්‍ය පුජා කොට ඇත. මෙසේ පුද පුජා පවත්වා විවිද දේවල් ඉටු කර ගැනිමට බලාපොරොත්තු විය. ඒ අතර
1 පිරිම දරුවන් හෙවත් විර පුතුන් බලාපොරොත්තු වීම 2 වැඩි අස්වැන්නක් ලබා ගැනිම 3 කලට fවිලාවට වැසි බලා පොරොත්තු වීම 4 ස්වභාවික විපත්වලින් ආකරක්ෂා විම 5 ලෙඩ දුක් කරදර භාදක දුරු කර ගැනිම ආදියයි.
මෙසේ බොහෝ දෙවිවරුන් වන්දනා කළ මෙම යුගය බහු දේව වාදි යුගය ලෙස හැදින්වේ මෙකල ජනයා දෙවියන් සතුටු කිරිම පිණිස වන්දනාමාන පුද පුජා පමණක් නොව දෙවියන්ගේ ගුණ කියවන ස්තෝත්‍ර ගායනා කිරිමට ද පටන් ගත්තහ එම ස්තෝත්‍ර හා ගීතිකා ඇතුළත් ග්‍රන්ථ fවිද ග්‍රන්ථ යනුවෙන් හැදින්විය. වේද ග්‍රන්ථ 04 ක් දක්නට ලැබේ ඒවා
1 ඍග් වේදය 2 යජුර් වේදය 3 සාම වේදය 4 අථර්වන් වේදය යනුවෙනි
ඍග් වේද යුගයේ විසු ජනතාවගේ ආගමික සිතුම් පැතුම් සරල හා සංකිරණ ලක්ෂණවලින් සමන් විතය. මේ කාල සිමාවේ දී ස්වභාවික වස්තුන්ට දේවත්වයක් ආරෝපනය කොට වැදුම් පිදුම් කිරිමට පෙළඔුන බව පෙනේ ජිවිතය ආපදාවලින් මිදිම සදහාත් තම ශක්තිය හා බුද්ධිය ඉක්මවා ගිය අවශ්‍යතාවන් ඉටු කර ගැනිම සදහාත් දේව පුජා හේතුවන බව ඹවුන් විශ්වාස කළේය. ඒ අනුව ඔවුන් පිදු දෙවියන් අතර වරුණ හිරු පෘථිවි අග්නි වායු පර්ජන්‍ය ආදි දෙවිවරු විශේෂවේ
ඍග්වෙද ග්‍රන්ථය පරිඡේදවට බෙදා ඇත මේවා බෙදා ඇත් ඍෂවරුන්ගේ නම් හා විෂය කරුනු අනුවය ඉතා පැරුණිම ස්තෝත්‍ර දක්නට ලැබෙන්නේ දෙවැනි පරිච්ඡේදයේ සිට නවවන පර්ච්ඡේදය දක්වා පමනි දසවන පරිච්ඡේදය පසු කාලිනව එකතු කළ පරිච්ඡේදයක් ලෙස සලකයි පුරුෂ සුක්තය ඇතුළත් වන්නේ දසවැනි මණ්ඩලයටය.
යජුර්වේදයේ යාග විධි හා යාග පවත්වන පිළිවල ඇතුළත්වේ තම අභිමතාර්ථයන් ඉටු කර ගැනිම සදහා ක්‍රමවත්ව යාග හෝම පැවැත්විය යුතු ආකාරය මෙහි විස්තරක කොට ඇත මියගිය ඤාතින් වෙනුවෙන් හා රජවරුන් වෙනුවෙන් සිදු කළ යුතු යාග හෝම වර්ග දක්නට ලැබේ යජුර්වේදයේ අස්ව මේද යාගය පිළිබදව බොහෝ විස්තර දක්නට ලැබේ අශ්ව මේද යාගයේ විශේෂත්වය නම් අශ්වයා බිලි දෙන විට බමුනකු විනා වාදනය කරන අතර ක්ෂත්‍රිය වංශිකයකු රජුගේ ගුණ ගායනා කරයි
ජාතික උත්සවල දී හා ප්‍රිය සම්භාෂණවල දි ගයනා කළයුතු ගිතිකා සාම වේදයේ අතුළත් වේ මළවුන් වෙනුවෙන් කරන ආගමික උත්සව පිළිබදව ද කරුනු සදහාන් වේ එයට අමතරව නිවසේ දී සිදු කරන කුඩා යාගයන් පිළිබකව සාම වේදයේ විස්තර කොට තිබේ
අථර්වන් වේද යුගය වන විට මිනිසුන්ගේ අදහස් බොහෝ දුරට වෙනස් වන්නට විය මේ කාලයේ දි දෙවියන් පිළිබදව පමණක් නොව යක්ෂයන් හා භූතයන් පිළිබද දැඩි ලෙස විශ්වාස කරන ලදි මෙම වේදයේ පරමාර්තය වුයේ ශාන්ති කරම හා මන්ත්‍ර ගුරුකම් මගින් යක්ෂ භූත උවදුරු දුරු කර ගැනිමට කළ යුතු වත් පීලිවෙත් පිළිබදව විස්තර කිරිමයි එයට අමතරව යක්ෂන්ගේ හා භූතයන්ගේන් ඇති වන රොගා බාධ දුරු කර ගැනිම සදහා ගායනා කළ යුතු මන්ත්‍රද ඇතුළත් වේ
2 බ්‍රාහ්මණ යුගය
වේද යුගයෙන් පසුව උදාවන්නේ බ්‍රාහ්මණ යුගයයි. වෛදික යුගයේ පැවැති බහුදේව වාදය මෙම යුගයෙ දී ඒක දේව වාදයක් බවට පත්විය එම එකම දෙවියන් වහන්සේ මහා බ්‍රහ්මයාය ඔහුගේ කැමැත්ත මත ලෝනය ඇතිවීම පැත්ම හා විනාශවීම සිදුවන බව බමුනන් විසින් පෙන්වා දෙන ලදි එම මහා බ්‍රහ්මයා හැදුින්විම සදහා සර්ම බලදාරි සර්වතෝ බද්‍ර සර්ව දර්ශි සර්වඤ යන නම්වලින් හදුන්වන ලදි මෙවැනි බලයක් ඇති මහා බ්‍රහ්මයා සතුටු කිරිම සදහා යාග කර්ම සිදු කළයුතු බව බමුනන් විසින් පෙන්වා දිී තිබුණි එම යාග අතර අශ්ව මෙධ පුරුෂ මෙධ වාජපේය නිරග්ගල අදි යාගයන් සුව්ශේෂි විය. බ්‍රාහ්මණ යුගයේ දක්නට ලැබෙන තවත් සුවිශේෂ ලක්ෂනයක් නම් කුල භේදයයි. එම කුල ක්‍රමය නම් බ්‍රාහ්මණ ක්ෂත්‍රිය වෛශ්‍ය ශුද්‍ර යන්නයි කුලභේදය යටතේ බමුණන් තමන් සමාජයේ සිටින ඉහලම පුද්ගලයන් ලෙස තමන් හදුන්වා ගැනිමට බමුණෝ අමතක නොකළහ එසේම මහාජනතාව හා දෙවියන් අතර සමබන්ධතාව ගොඩ නගන අතරමැදි දේව නියෝජිතයා බවට බමුණු පුජකයෝ පත්විය එයට අමතරව නිර්මාණ වාදය ස්ව ධර්ම ආපත් ධර්ම ආශ්‍රම ධර්ම යාගය ත්‍රිවේදය උදක පාරිශුද්ධිය ආදි සංකල්පයන් මේ යුගයේ දී සමාජ ගතකරන ලදි
3 ආරණ්‍යක යුගය
බමුණන් විසින් හදුන්වා දුන් විවිධ සංකල්පයන් තුළින් බලවත් පිඩාවට හා කළකිරිමට පත්ව සිටි පිරිස් ඔවුනට එරහිව නැගි සිටියහ බමුණන්ගේ ඉගැන්වීම් ගැන සැක කළහ ප්‍රතික්ෂේප කලහ එයට අමතරව ඒවා නිර්දය ලෙස විවේචනය කරමින් ඥාන මාරගය නම් නවතම පිළිවෙත හදුන්වා දෙන ලදි අරණ්‍ය ගතව ක්‍රියා කළ පිරිස් විසින් ඉදිරිපත් කළ මෙම නවතම ඉගැන්වීම් ක්‍රමය අවිහිංසාව පදනම් වුවකි බ්‍රාහ්මණයන් උසස් කොට සැලැකු යාගය ත්‍රිවේදය උදකපාරිශුද්ධිය මහා බ්‍රහ්ම ආදි සංකල්ප දැඩිලෙස විවේචනයට ලක්කරන ලදි
ආරණ්‍යක යුගයේදි ආත්ම විමුක්තිය සදහා බ්‍රහ්මචාරි පිළිවෙත් හදුන්වා දී තිබේ මෙම ඉගැන්වීම් අරණ්‍ය ගතව හුදකලාව භාවනා යෝගින් ලෙසින් ක්‍රියා කිරිමට අනුබල දුනනාහ අරණ්‍ය ගතව සිටි පිරිස් සිත වඩා ධ්‍යාන ලැබිමට ද සමත් වුහ. මෙම යුගයේ දී නිදහස් චින්තනය මුලික විය. එය බුද්ධ් ව්ප්ලවයකට මග පෑදිමක් විය ඒ නිසාම ගැඹුරු දර්ශනයන් පිළිබදව විශේෂ උනන්දුවක් ඇතිවිය. සත්වයා ලෝකය කර්මය මෝක්ෂය පනර්භවය ආත්මය වැනි සංකල්පයන් පිළිබදව දාර්ශනික මතවාද ඇතිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස තාපස ආජීවක අචේලක සචේලක පර්බ්‍රාජක ජටිල ආගමිකයන් මෙන්ම ෂට් ශාස්තෘවරුන්ද මෙම යුගයේ පහල විය.
4 උපනිෂද් යුගය
අරණ්‍යක යුගයෙන් පසුව උදාවන යුගය උපනිෂද් යුගයයි. උපනිෂද් යනු ළග හිදගෙන උගත යුතු රහස් යන අදහසක් ලබා දෙයි. උපනිෂද් යුගයේ දී ගුරුවරයා විසින් ශිෂ්‍යා ලග හිදුවාගෙන රහසි ගතව පුද්ලිකව උගතයුතු දර්ශණයකි එවා fවිදාන්ත යනුවෙන් හදුන්වනු ලැබේ උපනිෂද් ග්‍රන්ථවල උපනිෂද් හදුන්වා තිබෙන්නේ මෙසේය සත්‍යස්‍ය සත්‍යම් ධර්ම රාහස්‍යම් වේදාන්ත: ගුහ්‍යාදේශ: පරම ගුහ්‍යම් යනුවෙනි
අරණ්‍යක යුගයේ හදුන්වා දෙන ලද බ්‍රාහ්මණ විරෝධි චින්තනය මෙම යුගයේ දී තව දුරටත් වර්ධණය විය නිදහස් මතවාද කෙරෙහි දක්වන ලද උනන්දුව නිසාම ගතානුගතිකත්වනේ මිදි නිදස්ව ස්වාධිනව ස්වෛරිව ස්වතනත්‍රව ස්වචන්දතාවයෙන් යක්තව ක්‍රියා කිරිමට අවස්තව උදාවිය. ක්‍රි.පු 02 වන සියවශයටත් ක්‍රි.පු. 08 වන සියවශය දක්වා උපනිෂද් යුගය පැතිරේ උපනිෂද්වල එකම කාලයකට අයත් ක්‍රමාන කූලව වර්ධණය වු දාර්ශනික මතවාද ඇතුළත් නොවේ දිර්ඝ කාලයක් තිස්සේ විවිධ දාර්ශනිකයන් විසින් ඉදිරිපත් කරන ලද දාර්ශනික අදහස් රාශියක් මේ තුළ අන්තර්ගත වේ. ප්‍රධාන වශයෙන් මෙහි සාකච්ඡාවට ලක්වී ඇත්තේ ආත්ම වාදය කර්මය පුර්භවය ලොකෝත්පත්තිය බ්‍රාහ්ම අදි සංකල්පය මෙම සංකල්ප සමාජ ගතවීම නිසා ක්‍රි පු 06 වන සියවශයේ බුදුන් පහලවිමට ද අවශ්‍ය සමාජ පසු බිමද සැකැසිය.
good
ردحذفإرسال تعليق