ඒ ඒ අවස්තාවන්ට ගැළපෙන ලෙස විරිත් වෙනස් කිරිමට කතුවරයා තුළ වු ප්‍රතිභාව ගුත්තිල කාව්‍ය රසව්ත් වීමට හේතුවී ඇත අදාල කොටසින් නිදසුන් දෙමින් පැහැදිලි කරන්න.
කෝට්ටේ යුගයේ වැඩ සිටි වෑත්තාවේ හිමියන් විසින් ගුත්තිල කාව්‍ය නම් ග්‍රන්තයරචනා කරන ලදි ඒ සදහා ගුත්තිල ජාතකය උපයෝගි කර ගෙන තිබේ. ගුත්තිල කාව්‍ය රචනා කිරිම සදහා සිරි පැරුකුම් රජුට සේවය කළ ඇමැතිවරයකු වු සලාවත ජයපාල මැතිතුමා ආරාධනා කළ බව සිංහල සාහිත්‍ය තුළ සදහන් වේ. වෑතෑවේ හිමියන් ගුත්තිල කාව්‍ය රචනා කිරිමේ දී අවස්තාවන්ට ගැලපෙන අයුරින් විරිත් වෙස් කිරිමින් පද්‍ය නිර්මාණය කළ නිසා ගුත්තිල කාව්‍ය රසවත් වීමට හේතුවිය.
කවි නිර්මාණය කිරිමේ දී ඡන්දස් ශාස්ත්‍රය හෙවත් විරිත් භාවිතා කිරිම පෙරදිග කාව්‍ය ශාස්ත්‍රයේ සුවිශෙෂි ලක්ෂණයකි. විශ්වනාථ නම් සංස්කෘත කාව්‍ය විචාරකයා ඡන්දසින් ප්‍රබන්ධ කිරනුයේ කවිය යනුවෙන් ප්‍රකාශ කොට තිබේ. ඒ අනුව වෑතෑවේ හිමියන් විරිත් භාවිතා කරමින් ගුත්තිල කාව්‍ය රචනා කළේය.
පාඩමට අදාල සමස්ත පද්‍ය පන්තිය තුළ කාව්‍ය විරිත් තුළනක් යොදගෙන තිබේ. එනම් ගී පෙද නුපුන් සද ආදියයි. ආරම්භක පද්‍යයේ සිට පද්‍ය දහතුනක්ම පාදයකට මාත්‍රා 9 11 9 14 ලෙසින් පිහිටන ගී විරිතට අනුව රචනා කරන ලදි.
දෙදෙනාම ඉද දෙ පිට - සවි සත සතන් තුටු කොට
සුර ගදබුන් ලෙසට - පටන් ගෙන වෙන ගායනාවට
එතැන් සිට විණා වාදන තරගයෙන් ගුත්ති පඩිතුමා ජය ගැනිමත් ගුත්තලගේ මධුර විණා නාදය ජිවි පරිසරයට බල පෑ අන්දම කියා පෑමට පද්‍ය 19 යක් යොදා ගෙන ඇත. ඒ සෑම පද්‍යක්ම රචනා කිරිමේ දී පාදයකට මාත්‍රා 16 ක් වන පෙද විරිතින් රචනා කරන ලදි.
දිය දිය ගොස පළ කෙරමින් සපැමිණි - ගිය ගිය තැන ඉස්වා රන් මුතු මිණි
ගිය ගිය දින නද එන මෙන් ගෙන මිණි - සිය සිය ගුණයෙන් වෙන නද නික්මිණි
විණා වාදන තරගයේ දී මුසිල නිහඩව නිසසල කර වු ගුත්තිල පඩිතුමා තමන්ට රිසිසේ ජය ග්‍රහණ ලිලාවෙන් විනා වාදනය කමින් සිටී රුස්වී හුන් මහ ජනතාව ජය ඝොෂා නන්වති. මේ අවස්තාව රසවත්ව ගෙන හැර දක්වීමට කතුවරයා පෙද විරිත භාවිතා කිරිම චමත් කාර ජනකය. එ සදහා මාත්‍රා 4 රෙන් හතර යතිය හෙවත් විරාම දිය දිය/ ගොස පළ/ ගිය ගිය/ දින නද යොදා ගත්තේය. එය විණා නාදයේ සිහින් ස්වරය සහෘද සවනට ගෙන ඒමට ද සමත්විය. එයින්ම මේ විරිත අවස්තානු කූල තොරා ගත් එකක් වෙයි
ඉන් අනතුරුව සුරංගනාවන්ගේ නර්තනය චමත්කාර ලෙස ඉදිරිපත් කිරිම සදහා කතුවරයා විරිත මාරුකරමින් පාදයකට මාත්‍රා 26 ය බැගින් යෙදන නුපුන් සද විරිත භාවිතා කළේය.
රූ රසේ අදිනා ලෙසේ අත් ලෙළ දිදී විදුලිය පබා - රන් රසේ එක් වන ලෙසේ වෙණ නාදනු පා තබ තබා
කම් පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතගින් සබා - මම් කෙසේ පවසම් එසේ වර සුර ලදුන් දුන් රග සුබා
වේග රිද්මානුකුලව දෙවගන් නර්තනය යෙදන ආකාරය දැක්වීම සදහා උචිච විරිතක් වෙන නිපුන් සද විරිත භාවිතා කරයි. ඒ මගින් නර්තනය රසවත් ආකාරයට ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කිරිමට කතුවරයා සමත් විය. ඒ සදහා කවියා මාත්‍රා 7 7 7 5 වශනේ යතිය පිහිටුවා සුරන්ගනාවන්ගේ නැටුමේ ලාලිත්‍ය රිද්මය සහෘද දෑසට ගෙන ඒමට සමත්විය. එම නිසා මෙම විරිත ද අවස්තානු කූල විරිත් වෙනස් කිරිමක් ලෙස හැදින් විය හැකිය.
ඉහත සදහන් කළ උදාහරන මගින් පැහැදිලි වන්නේ වෑත්තෑවේ හිමි ඒ ඒ අවස්තාවන්ට ගැළපෙන ලෙස විරිත් වෙනස් කිරිමින් රසවත් ලෙස පද්‍ය නිර්මානය කොට ඉදිරිපත් කිරිමට සමත් කමක් පෑ බවය.
إرسال تعليق