බුදුරජාණන් වහන්සේගේ නව අරහා දි
බුදුගුණ හැදින් වීම.
නව අරහාදි බුදුගුණ යනු බුදුරජාණන් වහන්සේ සාරාසංක කල්ප ලක්ෂයක් මුලුල්ලෙහි පෙරම්දම් පිරිමේ ප්‍රතිඵලයක් ලෙස උන්වහන්සේට පමණක්ම පිහිටන ගුණාංග නවය නව අරහාදී බුදුගුණ ලෙස හැදින්වේ. ලෝකයේ එදා මෙදා තුර පහල වු ගුණවතුන් හා නැනවතුන් අතර ශ්‍රේෂ්ඨතම උතුමන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ ජිවමාන කාලයේ දී පවා දඹදිව පුරාම ගුණ නුවණ පැතිරි තිබුණේ නව අරහා දී බුදුගුණයන් බුදුරජාණන් වහන්සේ තුළ පැවැති නිසාය. මෙම නව අරහාදී බුදුගුණයන් රාජ රාජ මහාමාත්‍යයන්ගේ පටන් ඉතා අසරණ මිනිසුන් පවා ඇගැයීමට ලක්කර ඇති ආකාරය විවිධ සුත්‍ර දේශනාවලින් පැහැදිලිවේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදු ගුණයන් දි.නි සමඤ්ඤඵල සුත්‍රයේ මෙසේ දක්වා ඇත
1 අරහං බුදුගුණය
2 සම්මා සම්බුද්ධ බුදුගුණය
3 විජ්ජාචරණ සම්පන්න බුදුගුණය
4 සුගතෝ බුදුගුණය
5 ලෝකවිදු බුදුගුණය
6 අනුත්තර පුරිසදම්මසාරථි බුදුගුණය
7 සත්තා දේවමනුස්සානං බුදුගුණය
8 බුද්ධෝ බුදුගුණය
9 භගවා බුදුගුණය යනුවෙනි
බෞද්ධ සාහිත්‍යයේ සදහන් වන ආකාරයට දිනක් බුදුරජාණන් වහනසේ වෙත එළඕ සැරයුත් මහ රහතන් වහන්සේ භාග්‍යවත් ලොව්තුරා බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේ තරම් නව අරහා දී ගුණවලින් සමන්විත පුද්ගලයකු මේ තුන් ලෝක ධාතුවේම නොමැති බව ප්‍රකාශ කළේය. ඒ විට බුදුරජාණන් වහන්සේ සැරියුතත් හිමියන්ට අනුදැන වදාළේ එසේ නොකියන ලෙසත් පෙර බුදුවරුතුළ මෙම ගුණයන් පැවැති බවත් එම ගුණ වර්ණනා කිරිමට ඉතා දිර්ඝ කාලයක් ගතවන බව අනුදැන වදාළේය. ඒ පිළිබදව බෞද්ධ සාහිතයේ මෙසේ සදහන්වේ
බුද්ධෝපි බුද්ධසස භණෙය්‍ය වණ්ණං
කප්පම්පි චේ අඤ්ඤ මභා සමානෝ
ඛීයේථ කප්පෝ චිර දීඝ මන්තරේ
වණ්ණෝ න ඛීයේථ තථාගතස්ස
බුදුවරයකු තුළ ඇති ගුණ සමුදාය තවත් බුදුවරයකු වර්ණනා කළොත් දීර්ඝ වු කල්පය ගෙවී අවසන් වේ නමුත් බුදුගුණ වර්ණණා කළ අවසන් කළ නොහැකිය. මෙම ගුණයන් අරහං බුදුගුණයෙන් ආරම්භ වන නිසා නව අරහාදී බුදුගුණ ලෙස දක්වා ඇත.
එම නිසා බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදු ගුණ සිහිකරමින් උන්වහන්සේට ආමිසා හා ප්‍රතිපත්ති පුජා පැවැත්වීම ඉතා වටින්නේය
පින්තුරය අන්තර්ජාලයෙන් ලබා ගත්තකි
إرسال تعليق