කටපටි රිකවගේ නඩු විසදුම

 කටපටි රිකවගේ නඩු විසදුම

 
                                                                                                               (මෙම පින්තූර අයිතිකරු සතුය)

බළලුන් දෙදෙනෙක් එකතුව කේජු කෑල්ලක් සොරකම් කර ගත්තෝය. දෙදෙනාම එය කැළයට ගෙන ගොස් සමසේ බෙදාගෙන කෑමට සුදානම් විය. ඔවුන් දෙදෙනා සමසේ බෙදාගත නොහැකිව වාද කරමින් සිටියෝය. එම අවස්ථාවේ එතනට පැමිණි රිළවකු කේජු කැබැල්ල සමසේ බෙදාදීමට බාර ගත්තේය. රිළවා කේජු කැබැල්ල දෙකකට කැඩීමේදී නිතරම එක් කෑල්ලක් ලොකුවට සිටින ලෙස කැඩීමට වග බලා ගත්තේය. රිළවා අතට ගත් කේජු කෑලි දෙක එකක් ලොකු යයි කියමින් ලොකු කැබැල්ලකින් කොටසක් කඩා කටේ දාගත්තේය. නැවත කැබලි දෙක දෙස බලා දැන් දෙවැනි කේජු කැබැල්ල ලොකුයයි කියා ඉන් කොටසක් කඩා කටේ දාගත්තේය. මෙසේ කිහිප විටක් කරමින් සිටි පසුව කුඩා කේජු කැබැලි දෙක දෙස බලා මගේ නඩු ගාස්තු යයි කියමින් කේජු කැබලි දෙක කටේ දමාගෙන රිළවා හනිකට ගසට නැග ගත්තේය.

Post a Comment

أحدث أقدم
LightBlog

Top Post Ad

LightBlog