කෙකටිය

කෙකටිය Aponogeton crispus

 


 ශ්‍රී ලංකාවේ ජල ආශ්‍රිත තැන්වල වැවෙන ශාඛයක් ලෙස කෙකටිය හැදින් විය හැකිය. මෙය සුවපත් ජිවිතයක් ගත කිරිම සදහා උපකාරි වන බව හෙල වෙදකම තුළ සදහන්වේ. Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි. එයින් විශේෂ හතරක් ලංකාවට ආවේණික මෙන්ම දුර්ලභ ද වේ. මෙහිදී විස්තර කරන විශේෂය දේශීය වන අතර එය ද තර්ජනයට ලක්විය හැකි අවධියක පසුවන බව උද්භිද විද්‍යා මූලාශ්‍රවල සඳහන්ව ඇත. සෙ.මි. 50 දක්වා දිගට සහ සෙ.මි. 4.5 පළල පත්‍රවල හැඩය බොහෝ විට පටු ලංසාකාර වේ. පත්‍ර දාරය තරංගී හෝ රැලි සහිත ආකාරයකි. පත්‍ර බොහෝමයක් ජලය තුල ගිලී පවතී. කුඩා මල් සහිත අලංකාරවත් පුෂ්ප මංජරිය  සුවඳැති මල් සුදුපැහැයෙන් යුක්තය.


කෙකටිය ශාඛය බොහෝ රෝග රැසකට  ගුණයක් ලබාදේ ඒ අතර අක්ෂි රෝග, ජර්දි, අතීසාර, ග්‍රහණි, විසූචිකා, රක්ත අතීසාර, රක්ත අර්ශස්, ප්‍රදර රෝග, සෝම රෝග, ප්‍රමේහ, වමනය, ශරීර දුර්වලතා, විසර්ප ආදියට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂයෙන් කෙකටිය ශාකයේ අල සහ මල් භාවිතා කරයි. කෙකටිය ඇසට හිතකර, වණවල ඉදිමුම් සමනය කරන, දාහය සංසිඳුවන, වමනය වලක්වන, ශුක්‍ර වඩවන, ආහාර රුචිය ඇති කරවන, හෘදය බලගන්වන, මව්කිරි ජනනය කරන ආදී වශයෙන් දැක්විය හැකිය


කෙකටිය අල ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගනී. එමෙන්ම අල තම්බා පොල් සමඟ ආහාරයට එක්කර ගත හැකිය. එය ශරීර ශක්තිය වඩවන ආහාරයක් ලෙස සැලකේ. කෙකටිය මල්ද ( මල් සහ මල් නටුව) කිරට සහ තෙල් දමා ප්‍රනීත ව්‍යංජනයක් ලෙස පිස ගත හැකිය. කෙකටිය ආහාරයට ගැනීමෙන් පිත කෝප වී හට ගන්නා ඇඟපත දැවිල්ල, මුත්‍රා දැවිල්ල, බඩ දැවිල්ල, මල මාර්ගයේ දැවිල්ල ආදී පීඩාකාරී අවස්ථාවන් මඟ හරවා සහනයක් සලසා ගැනීමට හැකි බව වෙදපොත්වල සදහන්වේ


මූලාශ්‍ර ඖෂධීය ශාක සංග්‍රහය 

පින්තුරය අන්තර්ජාලයෙන් ලබා ගත්තකි


 ඔබ සැමට තෙරුවන් සරණයි

Post a Comment

أحدث أقدم
LightBlog

Top Post Ad

LightBlog