පරාභව සුත්‍රය

පුද්ගලයාගේ පිරිහීම පිළිබදව සදහන් 

පරාභව සුත්‍රය අවදානයට ලක්කොට 

යහපත් ජිවිතයක් ගතකරන්න

 

 පරාභව සුත්‍රය ඛු.නි යට අයත් වේ. එහි පුද්ගලයන් පිරිහීමට හේතුවන කරුණු සදහන් වේ. එක්තරා දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණෙයි එහි දී පිරිහිමට හේතු වන කරුණු මොනවාදැයි ගථා 12 කින් විමසයි. ඒවාට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ පිරිහීමට හේතුවන කරුණු 18 ක් දේශනා කළේය. ඒ අනුව දියුණුව යනු ආර්ථික වශයෙන් පොහොසත්වීම පමණක් නොවේය. එය එක අංශයක දියුණුවක් ලෙස බුදුසමය පෙන්වා දෙයි. ගුණ ධර්මවලින් තොරව සම්පත් රුස් කිරිම බුදුසමය අනුමත නොකරයි. බෞද්ධ ඉගැන්වීමට අනුව කෙනකුගේ දියුණුව හෝ පරිහානිය සිදුවන්නේ ඔහු කරන ක්‍රියාවන්ට අනුවය. එම කරණු 18 පහත සදහන් වේ.

 

1 ධර්මයට ද්වේශ කරන්නා පිරිහේයි
 

2 අසත්පුරුෂයන් ප්‍රියා කරන්නා පිරිහේයි
 

3 සත්පුරුෂයාන් ප්‍රිය නොකරන්නා පිරිහේයි
 

4 අසත්පුරුෂ ධර්මය ප්‍රිය කරන්නා පිරිහේයි
 

5 නිතර නිඳන සුලුවීම පිරිහීමට  හේතු වේ.
 

6 පිරිස සමඟ එකට සිටීමට කැමතිවීම පිරිහීමට හේතු වේ.
 

7 උට්ඨාන වීර්යයෙන් තොරවීම පිරිහීමට හේතු වේ.
 

8 අලසව ක්‍රියා කරිම පිරිහීමට හේතු වේ.  
 

9   නිතර කිපෙන සුලු වේ  ද එය පුද්ගලයාගේ පිරිහීමට හේතු වේ.
 

10 තමාට හැකියාව තිබිය දී මහලු වු මව හෝ පියා පෝෂණය නොකරයි ද  එය  පිරිහීමට    හේතුවකි.
 

11  තමන් වෙත පැමිණෙන ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු හෝ වෙනත් යාචකයකු  බොරුවෙන්   රවටා ද එය පිරිහීමට හේතුවකි.
 

12 රසවත් ආහාරපාන තනිවම පරිභෝජය කෙරේ ද එය පිරිහීමට හේතුවකි.
 

13 ජාතිය නිසා හෝ ධනය නිසා හෝ ගෝත්‍රය නිසා හෝ ඇතිවූ මානයෙන් යුක්ත යම් මිනිසෙක් සිය ඥාතීන් පහත් කොට සලකා ද එය පිරිහීමට හේතුවකි.
 

14 මිනිසෙක් ස්ත්‍රීන් කෙරෙහි ලොල් වූයේ, සුරාවෙහි ලොල් වූයේ, සූදුවෙහි ලොල් වූයේ තමාට ලැබෙන ලැබෙන දේ විනාශ කරයි ද එය පිරිහීමට හේතුවකි.
 

15 තම බිරියගෙන් සතුටට පත් නොවී පරඅඹුවන් වෙත යයි ද එය  පිරිහීමට හේතුවකි.
 

16  තරුණ විය ඉක්මවූ පුද්ගලයකු තිඹිරිගෙඩි වැනි පියවුරු ඇති තැනැත්තියක ආවාහ කොට ගෙන  ඇය කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් නොනිඳා සිටී ද එය පිරිහීමට හේතුවකි.
 

17 සුරාව, සූදුව, මස් මාංස ආදියෙහි ලොල් වූ ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ පරිපාලනයෙහි
   යොදවයි නම් එය පිරිහීමට හේතුවකි.
 

18 අල්ප වූ භෝග සම්පත් ඇති ක්ෂත්‍රිය කුලයෙහි උපන්නෙක් මහා තෘෂ්ණාවෙන් යුක්ත ව  රජකම ප්‍රාර්ථනා කරයි ද එය පිරිහීමට හේතුවකි. 

 

ඒ අනුව මෙම සුත්‍රයේ තිබෙන කරුණු 18 න් එකක් වත් යමෙක් අනුගමනය කරනවා නම් ඔහු ඒකාන්තයෙන්ම පිරිහෙන බව බුදුරදුන් අනුදැන වදාළේය.


 ඔබ සැමට තෙරුවන් සරණයි

Post a Comment

أحدث أقدم
LightBlog

Top Post Ad

LightBlog