සේරිවාණිජ ජාතකය
බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාම යෙහි දී පසුබට වීර්යය ඇති භික්ෂු නමක් මුල්කොට මේ ජාතකය වදාළ සේක. ඒ මෙසේය:
සෙසු භික්ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේ හමුවට පමුණුවන ලද ඒ වීර්යය හළ භික්ෂු නම් අමතා භාග්‍යවතුන් වහන්සේ, " මහණ, ඔබ මෙවැනි මගපල ලබා දෙන සසුනක පැවිදි වී උත්සාහ නොකිරීමෙන් ලක්ෂයක් වටිනා ඝන රන්තලියෙන් පිරිහුණු සේරිවාණිජ වෙළෙන්ඳා මෙන් පසුතැවිලි වන්නෙහිය" යි ප්‍රකාශ කොට නිශ්ශබ්දවූ සේක. භික්ෂුන් වහන්සේලා නමස්කාර පෙරටුව එහි විස්තර වදාරන ලෙස අයැද සිටියෙන් බුදුරජාණන් වහන්සේ සසරින් වැසී ගිය එපවත් වදාළ සේක.
පෙර බෝසතාණෝ සේරීව රාජ්‍යයෙහි ඉපිද මසුරන් පසුම්බිය කිසිල්ලෙහි රුවාගෙන වෙළඳාම් කරන බැවින් කච්ඡපුට වාණිජ නමින් පුසිද්ධ විය. හේ සේරිවාණිජ නම් වූ ලෝභී වෙළෙන්දකු සමඟ නීලවාහිනී නම් ගඟින් එතෙර අන්ධපුර නම් නගරයෙහි විධි බෙදාගෙන වෙළදාම් කරති. ලෝභී වෙළෙන්දා ඇවිදින වීථියෙහි සියලු බෑ සොහොයුරන්, නෑයන් හා වස්තුව නැසී ගිය දුප්පත්, සිටු ගෙයක් විය. මිත්තණියක සමග එකම කෙල්ලක් ජීවත් වෙයි. එහි වළන් අතර මල බැඳුණු, පැරණි, රන් බව කිසිවෙකුත් නොදත් රන් තලියක් විය. ලෝභී වෙළෙන්දා කදා වළලු ගන්නැයි කෑගසමින් එහි පැමිණියේය. දැරිය ඔහු දැක "මටත් පළඳනාවක් අරන් දෙන්නැ " යි මිත්තණියට කීවාය. දුප්පත් අපි කෙසේ ගනිමුද '' යි සියෙන් අපට කිසි පලක් නැති මේ තලිය දී ගනිමුයි දැරිය කීවාය. ඇගේ බලවත් ඇවිටිලි නිසා වෙළෙන්දාට එම තලිය දී අතින් ගෙන " රන්තලියක් වෙතැ ' යි ඉරක් ඇඳ බලා මොවුන්ට කිසිවක් නොදී ගෙන යමී " "මෙය කුමක් වටීද? මංචාඩි භාගයක්වත් නොවටී " යයි බිම දමා ගියේය.
කෙනෙකුන් වෙළඳාම් කොට පිට වූ විදියට අනෙකා යාමේ වරදක් නැතැයි සිතූ බෝසතාණෝ ද එහි පැමිණියහ. දැරිය පෙර සේම පළඳනාවක් අරන් දෙන ලෙස මිත්තණියට ඇවිටිලි කළාය. දරුව, පළමු වෙළෙන්දා තලිය බිම දමා ගියේය. දැන් කුමක් දී ගනිමුදැයි කීවාය. මිත්තණියනි, පළමු වෙළෙන්දා තද පරුෂ පෙනුම ඇත්තේය. මොහු ප්‍රිය මනාප බව පෙනේ. එබැවින් තලිය දී පළඳනා ගනිමු '' යි දැරිය කීවාය. ඉක්බිති වෙළෙන්දා කැඳවා තලිය දී පෙන්වා යාන්තම් දෙයක් හෝ දී ගෙන යන්නැ " යි කීහ.
වෙළඳාණෝ එය බලාන් බව දැන අත තිබූ කහවනු පන්සීයත් පන්සීයක් වටිනා බඩුත් සියල්ල දී මට පසුම්බියත් තරාදියත් කහවනු අටකුත් දුන මැනවැයි ඉල්වාගෙන යන්ට ගියේය. ගොස් තොටියාට කහවනු අට දී එගොඩ වීමට ඔරුවට නැගුණාහ. ලෝභී වෙළෙන්දා නැවත සිටු ගෙදරට ගොස් තලිය දෙව. යම්තම් දෙයක් දෙමි කීය. ඔවුහු මංචාඩි භාගයකුත් නොවටිනා බව ඔබ කී තලිය පසුව අර දැහැමි වෙළෙන්දකු විසින් දහසක්ම දී ගන්නා ලදැයි කිවාහුය. ඒ අසා ඔහු අහෝ මට වූ විපතක තරම. ලක්ෂයක් වටිනා තලිය අහිමිවීය යි ශෝකයෙන් විසංඥව අත තැබූ කහවනුත් බඩුත් එහි දමා තරාදි පොල්ල පමණක් මුගුරක් සේ ගෙන හැඳි පෙරවි රෙදි කඩාගෙන බෝසතුන් පසුපස එලවීය. ගඟ ළඟට ගොස් එගොඩ යන බෝසතුන් ගත් ඔරුව දැක මෙගොඩට පදවන ලෙස කෑ ගැසීය. ඔරුව එගොඩට ගියේය. ඉවසා ගත නොහැකි වෙළෙන්දා ලේ වමනය කොට ළය පැළී එතැනම මළේය. දේවදත්ත බෝසතුන් කෙරෙහි පළමු වෛරය බැඳීම මෙය වන්නේය. දැහැමින් ජීවත් වූ බෝසතාණෝ ද කර්මානුරූපව මිය පරලොව ගියාහුය.
බුදුරජාණන් වහන්සේ වැඩි දුරටත් ධර්ම දේශනා කරමින් සුදුසු අවස්ථාවෙහි රන්තලිය ගැනීමට උත්සාහ නොගැනීමෙන් පසුතැවිල්ලට පත් වෙළෙන්දා මෙන් මගපල ලබා සැනසීමට උත්සාහ නොගැනීමෙන් නුවණ නැත්තේ ඉන් පිරිහී බොහෝ දුක්වලට භාජන වෙති යි වදාළ සේක.
එකල අඥාන වෙළෙන්දා නම් මෙකල දේවදත්තයෝය. දැහැමි වෙළෙන්දා නම් මෙකල සර්වඥයන් වහන්සේ ම යයි වදාළ සේක.
ඔබ සැමට තෙරුවන් සරණයි
إرسال تعليق