බ්‍රාහ්මණයන් විසින් ඉගැන් වු වර්ණ ධර්ම පිළිබදව විග්‍රහය
(මෙම පින්තූර අයිතිකරු සතුය)
වර්ණ ධර්ම යනු සමාජය කුළ හතරකට හෙවත් පංති හරකට බෙදිමයි මෙය බ්‍රාහ්මණ ආගමේ ප්‍රධාන ඉගැන්වීම්වලින් එකක් ලෙස හැදින්විය හැකිය. වර්ණ යන්නෙහි සරල අර්ථය පටයි පාට අනුව බමුණන් විසින් සමාජය වර්ග කරන ලදි මෙය වර්ණ භේදය ලෙස දක්විය හැකිය. බ්‍රාහ්මණ ආගමට අනුව මිනිසුන් වර්ණ 4 කට හෙවත් කුළ 4 කට මවන ලද්දේ මහා බ්‍රහ්මයාගේ ශරිරයේ අංග හතරකිනි ඒ බව ඍග්වේදයේ 10 වන මණ්ඩලයේ 90 වන පුරුෂ සුක්තයේ මෙසේ සදහන්වේ.
බ්‍රාහ්මණෝස්‍ය මුඛ මාසීත් - බාහු රාජන්‍ය: කෘත:
ඌරු තදස්‍ය යද් වෛශ්‍ය: - පද්භ්‍යාම් ශුද්‍ර අජායත
මෙම ශ්ලෝකයට අනුව මිනිස් සමාජයෙහි ප්‍රභවය සිදුවී ඇත්තේ මහා බ්‍රහ්මයාගේ ශරිරයේ පහත් සදහන් ස්තානවලින්ය.
1 බ්‍රාහ්මණයන් මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් ද
2 ක්ෂත්‍රීයන් මහා බ්‍රහ්මයාගේ දෙබාහුවලින් ද
3 වෛශ්‍යන් මහා බ්‍රහ්මයාගේ කලවාදෙකින් ද
4 ශුද්‍රයන් මහා බ්‍රහ්මයාගේ යටිපතුලෙන් ද උපත ලබා අතිව බව සදහන්වේ
මීට අමතරව භගවත් ගීතාවේ නම් ග්‍රන්ථයෙහි හතරවන අධ්‍යයනේ 13 වන ශ්ලෝකයේ මිනිස් සමාජයේ ප්‍රභව පිළිබදව සදහන් කොට ඇත්තේ මෙසේය
චතුර් වර්ණ මයා ඍෂටං ගුණ කර්ම විභාගශ:
මා විසින් ගුණ කර්ම භේදය හෙවත් හොද නරක සැලැකිල්ලට ගෙන බ්‍රාහ්මණ ක්ෂත්‍රිය වෛශ්‍ය ශුද්‍ර යන වර්ණ හතර මවන ලදි. මේ පිළිබදව තවදුරටත් කරුනු දක්වන බමුණන් සදහන් කරන්නේ දෙවි ලොව දෙවියන් අතර ද එකා කාරි බවක් නැත ඔවුන් අතර ද බලයෙන් ශක්තියෙන් වැඩි අය ද සිටිති එසේම බලයෙන ශක්තියෙන් අඩු අය ද සිටිති එය සැලැකිල්ලට ගෙන මහා බ්‍රහ්මයා විසින් සමාජය උස් පහාත් භේදයකට අනුව මිනිස් සමාජය මවන ලද බව බමුණන් සදහන් කළේය.එය වර්ණ ධර්ම ලෙස හැදින් විය හැකිය.
ඔබ සැමට තෙරුවන් සරණයි
إرسال تعليق