කමත් බස් වහර
ගොයෝ දීර්ඝ කාලයක් ගොවිතැන් කටයුතුවල නියලීම නිසා ඒ ඒ ගොවිතැනට ගැලැපෙන වචන භාවිතා කළේය. ඒ අතර කමතේ දී භාවිතා කළ වචක සුවිශේෂි වේ. කමතේ දී ඒ ඒ උපකරණවලට හා වැඩ කටයුතුවලට යම් යම් වචන භාවිතා කළේය ඒවා කමත් භාෂාව යනුවෙන් හැදින්වනු ලැබේ. මේවා පොදු ව්‍යාහරයේ දී භාවිතා නොකරේ.
1. අත්ලහ දැති ගොයියාව
2. අම්බරුවා හරකා
3. අර කමත මැද නිදන්න්වළ
4. අලුස්පාල් අලුත් සහල්
5. අත්ලිය / වාරුලීය කමත හරහා බැඳි වාරු ලීය
6. ඉනිමාන කමත අමදින බෝලත්ත
7. ඉපනැල්ල ගොයම් කැපූ පසු ශේෂ වන මුල් කොටස
8. උප්පිඩ එකවර දෑතට ගත හැකි ගොයම් මිට
9. උප්පිඩ බෑම කමතට ගොයම් ගෙනවිත් දැමීම
10. කවුබෝල කාටුව ඉවත් කරන බෝලත්ත
11. කලවිට කමත / ගොයම් පාගන තැන/පාවර
12. කම්බි කණුව හරක් බඳින මුදුන් කණුව
13. සයිකැත්ත දෑකැත්ත
14. කයිබත ඇඹුල කුඹුරට ගෙනෙන අහර
15. කලවිට බොල් බැත හුළං කර ශේෂ වූ බොල්
16. කසල්ල කාටුව
17. කොළ අදිනවා කැපූ ගොයම් කමතට ගෙන ඒම
18. කොළ තබනවා ගොයම් උප්පිඩ කමතෙහි තැබීම
19. ගොයම් කොළය එකතු කල ගොයම් ගොඩ
20. කොළ මඬිනවා ගොයම් පාගනවා
21. ගොන් පස් දානවා හරකුන් ගොම දැමීම
22. ගුගුරන් බානවා හරකුන් මුත්‍රා කිරීම
23. මහ උප්පිඩ කමතට ප්‍රථමයෙන්ම ගෙනෙන උප්පිඩ 29.
24 සිවුරුපන ගොයම් පාගන විට යොදන පැදුර / මාගල
25. හලාබානවා ගොයම් හලා මැඩුවන් ඉවත් කිරීම
ධීවර ජන වහර
වෙරළ බඩ ප්‍රදේශවල ජිවත්වන ධීවර ජනයා රැකියාව ආශ්‍රිතව විවිධාකාර ජන වහරක් භාවිත ලැබේ. මෙම ධීවර ජනයා භාෂිත වහර ධීවර ජන වහර ලෙස සැලකෙයි. පහත සදහන් වන්නේ ධීවර ජනයා භාවිතා කරන ජනවාහරේ වචක කීහිපයක්
1. ඉදිවර සලකුණ
2. දියකඩ දිය පාර
3. දිය සරම ධීවරයා මුහුදු යන විට අදින සරම
4. දැල්බනවා ඉරුණු දැල් සකස් කරනවා තෙප්පම පදවන්නා
5. තෙප්පන්කාරයා තෙප්පරම පදවන්නා
6. ගොඩකරය ගොඩ බිම
7. ගොඩ සරම ධීවරයා ගෞඩබිමදී අදින සරම
8. නට්ටමා මසුන් මරන්නා
9. බලපන්නෙ යනවා බලයන් අල්ලන්ට මුහුදු යනවා
10. බොල් දියාත මාළු හිඟ පෙදෙස
11. මන්නඩිරාල ඔරුව දාල අයිතිකරුවා
12. මලයං කරනවා බිලී යනවා
13. මහ මද්ධිය මාදැලක මාළු රොක් වන තැන
14. මාළු අයින මාළු රෑන
15. මාළු අභින මාළු බහුලව ඇති පෙදෙස
16. රේන්ද කරසි වෙන්දේසිකාරයා ලබන මුදල්
17. රේන්දපොළ ලෙල්ලම් පොළ
19. සිප්පමා මාළු වේලන්නා
20. සෙක්කල් යනවා හවසට මුහුදු යනවා
21. උප්පු ලුණු
22. කප්පර මුහන්දිරම් නැවක කපිතාන්
23. කුළෙල අපහාසය
24. කෙවුලා ධීවරයා
25. කොඩියා නවකයා
26. කෝසු කරනවා මාදැල අකුලනවා
27. ගණ කළුවර කැටිය මාළු ඉසව්ව
28. ගල් බානවා නැංගුරම දානවා
29. ගල් මහේ රස්සාව මසුන් මැරීමේ රැකියාව
ඔබ සැමට තෙරුවන් සරණයි
إرسال تعليق