ධර්මාශෝක අධිරජ්‍යා
අශෝක රජතුමා පිළිබදව තොරතුරු සෙවීමේ දී මුලාශ්‍ර කොට ගත හැකි ඉතිහාස ග්‍රන්ත රාශියක් දක්නට ලැබේ ඒවා අතර අශෝක අභිලේඛන අශෝකාවදානය දිව්‍යාවදානය ආදි ග්‍රන්ත ද මහා වංශය දීප වංශය සමන්තපාසාදිකාව ආදි ලාංකිය පොත පත ද බුරුමය හා තායිලන්තය යන රටවල වාර්තාවල ද අශෝක පිළිබදව තොරතුරු විස්තර කරයි. මීට අමතරව එච් ජී වේල්ස් රොලින්සන් ඕල්ඩන්බර්ග් රීස් ඩේවිස් කනිංහැම් ස්මිත් යන විද්වතුන් විසින් රචනා කරන ලද විචාර ග්‍රන්ථවල ද අශෝක පිළිබදව තොරතුරු විමසීමට ඉතා වැදගත්ය.
මෙම ග්‍රන්තවල සදහන් වන පරිදි අශෝක මුල්කාලයේ සිටම එඩිතර ගති විද්‍යාමනා කළ අයකි. බින්දුසාරගේ පවා ප්‍රසාදය දිනාගත් හෙතම පියා රාජ්‍ය කරන කාලයේ දීම ගන්ධාරයේ හටගත් කාරුල්ල මර්ධනය කිරිමට ද එහි යවනු ලැබුවේය. වැඩි කළක් නොගොස් එස මර්ධනය කළේය එම නිසා බින්දුසාර රජතුමා විසින් අශෝකට යුවරජකමක් පවරා අවන්ති පාලකයා වශයෙන් උදේනි පුරයට යවන ලදි. එහිදී වේදිස සිටුවරයාගේ දියණියක් වු දේවිය කුමරිය සමග විවාහ වු අශෝකට මහින්ද හා සංඝමිත්තා නම් දරුවන් දෙදෙනකු ලැබුණේය. බින්දුසාර රජ අසනීප වීමත් සමගම නැවත පාඨලී පුත්‍රයට ඒමට සිදුවිය. පිය රජු ඔහුට රජකම පවරා කලුරිය කළේය.
පින්තුරය අන්තර්ජාලයෙන් ලබා ගත්තකි
إرسال تعليق