රෝග රැසක් නසන විශ්මිත ගුණ සහිත දිව්‍යමය ශාකය මුරුංගා

 රෝග රැසක් නසන විශ්මිත ගුණ සහිත දිව්‍යමය ශාකය මුරුංගා

 
(මෙම පින්තූර අයිතිකරු සතුය)

 ගැමි ජතාව අතරේ ඉතා ජනප්‍රිය ආහාරයක් ලෙස මුරුංගා හැදින් විය හැකිය. නමුත් වර්තමානය ජනයා මුරුංගා ආහාරයට ගැනිමට එතරම් රුචිකත්වයක් නොදැක්කුවත් මුරුංගා ඉතා රස ගුණ ආහාරයක් ලෙස හැනදි විය හැකිය. වර්තමානයේ විවිධ ඖෂධ වර්ග සැකැසීම සදහා මුරුංගා භාවිතා කරනු ලබයි. නමුත් අතීතයේ මුරුංගා දෙවියන් මැවු ශාඛයක් ලෙස හැදින් විය.

   

 මුංගාවල  අසාමාන්‍ය ගුණ සමුදායක් පවතින අතර රෝග රැසක් සුව කිරිමේ හැකියාවක් ද පවතී. අතීතයේ ගැමි ජනතාව අතර පැවැති ඉතා ජප්‍රිය ආහාරයක් ලෙස  මුරුංගා හැදින්විය හැකිය. මෙය ළපටි කරල් ව්‍යෑංජනය වගේම, මෝරපු කරල් මද තෙම්පරාදු ව්‍යෑංජනයක් ලෙස භාවිතා කිරිම ප්‍රචලිතව පැවැතියේය.  ඒ වගේම මුරුංගා කොළ මැල්ලුම හා මුරුංගා මල් වෑංජනයක් ලෙස ඉතාම රසවත්ය. මුරුංගා කරල්, කොළ, මල් බහුල වශයෙන් ආහාරයට ගැනීම මඟින් ඔබට වැලඳී ඇති රෝග රැසක් සුවකර ගැනීමේ හැකියාවක් පවතිනවා.
 

මුරුංගා කියන්නේ විෂ නාශක ගුණයක් ඇති එනිසා අතීතයේ සිටම මෙරට කාන්තාවන්  ඉස්සො, දැල්ලො වගේ ආහාර පිසින විටදී ඒකට මුරුංගා කොළ ටිකකුත් එක් කළේය. ඒ වගේම මයියොක්කා උයනකොට, තම්බනකොට එහි ඇති විෂ සහිත බව නැති කරන්න මුරුංගා කොළ ටිකක් තම්බන අවස්ථාවේ දී ඒකට දාන්න අපේ ගෘහණියන් පුරුදු වෙලා හිටියා. ඒ වගේම අච්චාරු හදනකොට ඒවා ඉක්මනින් පැසවන්න මුරුංගා පොත්තක් ඒකට මුරුංගා පොත්තක් එකතු කළේය.
 

”මුරුංගා කොළවල ප්‍රෝටීන්, විටමින් සී, විටමින් බී, බී. කැරෝටීන් (බීටා කැරොටීන්), කැල්සියම්, මැග්නීසියම්, කොපර්, යකඩ පොස්පරස්, ඛනිජ ලවණ වැනි ගුණ රාශියක් අඩංගුයි”. මුරුංගා කොළ මලවා ආහාරයට ගැනිම කුඩා දරුවන්නට හා ගැබිනි මවුවරුන්නට ගුණදායක වන අතර අස්ථි වර්ධනයට ද උපකාරිවේ.
 

එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනයට ගන්න පුළුවන් රෝග නාශක ගුණය සහිත ඖෂධයක් ලෙස මුරුංගා හැදින්විය හැකිය. නමුත් අද ඇතැම් අය මුරුංගා එළවලුවක් ලෙසටවත් ආහාරයට නොගැනීම ඉතාමත් කණගාටුවට කරුණකි. ඕනෑම පුද්ගලයෙක් දෛනිකව හෝ සතියකට අවමය දින තුනක් හෝ හතරක්වත් මුරුංගා හොද්දක් මැල්ලුමක් වශයෙන් හරි ආහාරයට ගන්නවා නම් ලෙඩ ගොඩක් අඩු කරගත හැකිය. අද වන විට නවීන පර්යේෂණවලින් පවා තහවුරු වෙලා තියෙනවා ආමාශය ආශ්‍රිත රෝගවලටත් හෘදය ආශ්‍රිත රෝගවලටත් අතීසාරය වැනි රෝගවලටත්, මුත්‍රාශ්‍රය ආශ්‍රිත රෝග රැසකටත් මුරුංගා ගසේ ඖෂධීය ගුණ උපකාරි වන බව. ඒ වගේම ශරීරයේ පිළිකා හට ගැනීමේ අවදානමත් පාලනය කරන්න මුරුංගාවලට හැකියාවක් පවතී. එම නිසා එකි සෑම විටම මුරුංගා ආහාරයට ගැනිම මගින් හොද සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගත කිරිමට උපකාරිවේ.


අන්තර් ජාලය ඇසුරින් සැකැසුමකි.

 

ඔබ සැමට තෙරුවන් සරණයි.

Post a Comment

أحدث أقدم
LightBlog

Top Post Ad

LightBlog