සොදුරු ජිවිතයකට ගම කියන මංගල කරුනු (මංගල සුත්‍රය)

සොදුරු ජිවිතයකට ගම කියන මංගල කරුනු (මංගල සුත්‍රය)


 

    මංගල සුත්‍රය ඛුද්ක නිකායට අයත්වේ. එහි මෙලොව පරලොව දියුණුවට හේතුවන කරුණු සදහන් වේ. මෙම සුත්‍රය දේශනා කිරිමට හේතුව වුයේ දෙවියන් හා මිනිසුන් අතර මුලින් දකින දේ මංගල යැයි දිට්ඨ මංගල මුලින් අසන දේ මංගල යැයි සුත මංගල මුලින් ස්පර්ශ කරන දේ මංගල යැයි මුත මංගල විවාද ඇති විය. ඔවුන් තමන් දරන මතය නිවරදි  යැයි සිතා ක්‍රියා කළ නිසා එක මතයකට පැමිණිමට නොහැකි විය. දෙවියන්ට ද මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට නොහැකි විය එම නිසා එක්තරා දෙවියෙක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ජේතවනාරාමයට පැමිණ මංගල කරුණු කුමක් දැයි විමසුවේය. එයට පිළිතුරු වශයෙන් මංගල කරුණු 38 ක් දේශනා කරන ලදි.
 
1. අසේවනාච බාලානං - බාලයන් ඇසුරු නොකිරීම
2. පණ්ඩිතානංච සේවනා - පණ්ඩිතයන් ඇසුරු කිරීම
3. පූජාච පූජනීයානං - පිදිය යුත්තන් පිදීම
4. පතිරූපදේස වාසෝච - සුදුසු පෙදෙසක විසීම
5. පුබ්බේච කතපුඤ්ඤතා - පෙර කළ පින් ඇති බව
6. අත්තසම්මා පණීධිච - සිත මනාසේ පිහිටුවා ගැනීම
7. බාහු සච්චංච - බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව
8. සිප්පංච - ශිල්පයෙහි දක්ෂ බව
9. විනයෝච සුසික්ඛිතෝ - තිදොර මනා ව හික්මවීම
10. සුභාසිතා ච යාවාචා - යහපත් වචන කතා කිරීම
11. මාතා උපට්ඨානං - මව පෝෂණය කිරීම
12. පිතා උපට්ඨානං - පියා පෝෂණය කිරීම
13. පුත්ත දාරස්ස සංඝහෝ - අඹුදරුවන්ට සංග්‍රහ කිරීම
14. අනාකුලාච කම්මන්තා - නිරවුල් කර්මාන්ත කිරීම
15. දානංච - දන් දීම
16. ධම්ම චරියාච - ධර්මයෙහි හැසිරීම
17. ඤාතකානංච - නෑයන්ට සංග්‍රහ කිරීම
18. අනවජ්ජානි කම්මානි - නිවැරදි කර්මාන්තය
19 ආරති විරති පාපා - පාපයෙන් වැළකීම
20. මච්ඡපානාච සඤ්ඤමෝ - මත්පැනින් වෙන් වීම
21. ධම්මේසු අප්පමාදෝච - ධර්මයෙහි අප්‍රමාද වීම
22. ගාරවෝච - සුදුස්සාට ගරු කිරීම
23. නිවාතෝච - යහපත් පැවතුම් ඇති බව
24. සන්තූට්ඨීච - ලද දෙයින් සතුටු වීම
25. කතඤ්ඤතා - කළගුණ දන්නා බව
26. කාලේන ධම්ම සවණං - සුදුසු කල බණ ඇසීම
27. ඛන්තීච - ඉවසීම
28. සෝව චස්සතා - කීකරුකම
29. සමණානඤ්ච දස්සනා - ශ්‍රමණයන් දැකීම
30. කාලේන ධම්ම සාකච්ඡා - සුදුසු කල බණ ඇසීම
31. තපෝච - තපස
32.බ්‍රහ්ම චරියාච - බඹසර විසීම
33. අරිය සච්චාන දස්සනං - චතුරාර්ය සත්‍යදැකීම
34. නිබ්බාණ සච්ඡි කිරියාච - නිවන් අවබෝධ කර ගැනීම
35. ඵුට්ඨස්ස ලෝක ධම්මේහි- අටලෝ දහමෙහි කම්පා නොවීම
36. අසෝකං - සෝක රහිත වීම
37.විරජං - කෙලෙස් රහිත බව
38. ඛේමං - සිත කෙලෙසුන්ගෙන් නිදහස් වීම   යනුවෙනි
 
 

 ඔබ සැමට තෙරුවන් සරණයි

 
 
 
 


Post a Comment

أحدث أقدم
LightBlog

Top Post Ad

LightBlog