බුදුදහම තුළ උගන් වන සම්පත් විනාශ වීමට බලපාන හේතු

බුදුදහම තුළ උගන් වන සම්පත් විනාශ වීමට බලපාන හේතු


බුදුරජාණන් වහන්සේ පුද්ගලයා විසින් උපයන ධනය විනාශ වී යන ආකාරය 6 යක් භෝග විනාශ මුඛ යනුවෙන් සිගාලෝවාද සුත්‍රයේ දක්වා ඇත. ඒවා නම්

 

1 මත්ද්‍රව්‍ය හා මත්වතුර පානය කිරිම 

 

2 අවේලාවේ වීදි සංචාරය කිරිම 

 

3 නිතර නැටුම් ගැයුම් බැලිමට යෑම

 

4 සුදු ක්‍රිඩාවල යෙදීම 

 

5 පාප මිත්‍රයන් ඇසුරු කිරිම 

 

6 අලසකම
    

තමාගේ ධනය විනාශ වී යෑම රණ්ඩු සරුවල් ඇති වීම විවිධ රෝග ඇති වීම අපකීර්ති පැතිරිම ලැජ්ජාව නැතිවීම නුවණ දුර්වල වීම යන විපාක සුරාපානය නිසා අත්විදීමට සිදුවේ. අවේලාවේ විදි සැරිසැරිමෙන් තමාගේ ආරක්ෂාව අඹුදරුවන්ගේ ආරක්ෂාව ධනයේ ආරක්ෂාව නැතිවී යයි සැක කටයුතු පුද්ගලයකු ලෙස අත්භූත චෝදනා ලැබ බොහෝ කරදරවලට මුහුණ පෑමට සිදුවෙයි නිතර නිතර නැටුම් ගැයුම් වැයුම්වලට සහාභාගි වීම නිසා සමාජයට ඉටුකළ යුතු යුතුකම් ඉටු කිරිමට නොහැකි වන අතර සමාජයෙන් ඉවත් වී හුදකලා ජිවත් වීමට ද සිදුවේ. සුදු ක්‍රිඩාවෙන් නියල පුද්ගලයාට මුදල් නැතිවීම සතුරන් ඇතිවීම මිතුරන් නැතිවීම ශෝකය ඇතිවීම විශ්වාසය නැති වීම විවාහය දෙදෙරායෑම ද සිදුවේ පාප මිතුරන් ඇසුරු කිරිම නිසා සුදුකාරයන් වංචනිකයන් මං පහරන්නන් ඇසුරු කිරිම නිසා ධනය ද විනාශ වී නොයෙක් කරදර භාදකවලට මුහුණ දීමට සිදුවේ. අලස වු පුද්ගලයා සිතලය උෂ්ණය සවස උදේ බඩගිනි වැනි කරුනු ඉදිරියට දමා තමාගේ වැඩ කටයුතු අතපසු කරනු ලැබේ.



ඔබ සැමට තෙරුවන් සරණයි


Post a Comment

Previous Post Next Post
LightBlog

Top Post Ad

LightBlog