බෞද්ධ මනෝවිද්‍යාව යනු කුමක් ද?

 බෞද්ධ මනෝවිද්‍යාව යනු කුමක් ද?

           (මෙම පින්තූර අයිතිකරු සතුය)

 බෞද්ධ මනෝවිද්‍යාව යනු කුමක්ද? කියා විමසා බලමු. මනෝ විද්‍යාව පිළිබඳව නිර්වචනයන් එහි විෂය ක්‍ෂේත්‍රයන් කෙටියෙන් හඳුනා ගැනීම අපගේ ඉදිරි පර්යේෂණ සඳහා වඩාත් වැදගත් වන්නේය. psychological Today යන ග්‍රන්ථයෙහි මනෝ විද්‍යාව සඳහා මෙවැනි නිර්වචනයක් දැක්වෙයි. මනෝ විද්‍යාව යනු මානසික ක්‍රියාදාමයක් සහ හැසිරීම් පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයකි. Esentials of psychology යන කෘතියෙහි මනෝ විද්‍යාව

හඳුනන්වා දෙන්නේ මෙසේ ය. "මනෝවිද්‍යාව යනු මානව සහ සත්ව හැසිරීම් පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයකි


    කථිකාචාර්ය යූ.බී. රත්නායක මතා මනෝවිද්‍යා පදනම නම් කෘතියෙහි මනෝවිද්‍යාව පිළිබඳව මෙසේ හඳුන්වා තිබේ. මනෝ විද්‍යාව යනු මිනිසුන් හැදෑරීම යි. එනම් ඔවුන් හැසිරෙන්නේ කෙසේ ද? හැඟීම දක්වන්නේ කෙසේ ද? පරිසරයට ගැලපෙන ලෙස සකස් වන්නේ හෝ අසාර්ථක වන්නේ කෙසේද? තමා විශේෂ වූ පුද්ගලයකු වන්නේ කෙසේ ද? යනාදිය හැදෑරීම යි. මේ අනුව පුද්ගල ස්වභාවයන් අධ්‍යයනය කරන විෂයක් ලෙස මනෝ විද්‍යාව හැඳින්විය හැකිය.


බුදු දහමෙහි මනෝවිද්‍යාත්මකව බැලිය හැකි ප්‍රධාන තම පැත්ත අභිධර්මය යි. අභිධර්මයේ දී සිතෙහි සියලු ප්‍රභේදයත් මනාව විග්‍රහ කෙරෙන අතර එහි සංකීර්ණත්වය ද පැහැදිළිව පෙන්වා දී ඇත. මෙහි දි චිත්ත, චෛතසික, රූප, නිබ්බාන ලෙස පරමාර්ථ ධර්ම කරුණු 04 ක් තුල විස්තර කිරීමක යෙදෙයි.


එසේම බුදු දහමෙහි ප්‍රධාන ධර්ම සංකල්ප අතර චතුරාර්ය සත්‍ය ප්‍රධාන මනෝවිද්‍යාත්මක ලක්ෂණය අඩංගු වී තිබේ. දුක, දුක ඇති වීමේ හේතුව, දුක නැති කිරීම, දුක නැතිකර ගැනීමේ මාර්ගය එහි දී විස්තර කරයි. දුක යනු මානසික ක්‍රියාදාමයක් වන අතර දුක විස්තර කරනුයේ ද මිනිස් අත්දැකීම් ආශ්‍රයෙනි. ජාතපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා පරණම්පි දුක බෝ අපියෙහි සම්පයෝගෝ දුකඛෝ පියෙහි විප්පයෝගෝ දුක බෝ යම් පිච්ඡං න ලබති තම්පි දුක්.......... 7


ඉපදීම නිසා මානසික රෝග ලෙස දුක් ආදී සෑම කරදරයක් ඇති වේ. ඒ නිසා බුදුදහමෙහි ප්‍රධාන අපේක්ෂාව නම් නැවත ඉපදීමට හේතුවන තෘෂ්ණාව නැති කර නිවන ලබා ගැනිමයි.ලොව පවතින සියල්ලක්ම දුක්ය. එසේම අපි අකමැති අය සමඟ ආශ්‍රය ලැබීමට ද කැමති අයගෙන් වෙන්විම ද බලාපොරොත්තු දෑ නොලැබීම ද යන සියලු දේ දුකය. කෙටියෙන් ගත් කළ මුළු පඤ්චස්කන්ධයම දුක්ඛය, සංඛිත්තේන පඤ්ච පදානක්ඛන්ධා දුකඛා පඤ්චස්ඛන්දය නම් රූප, වේදනා, සඤ්ඤා, සංකාර, විඤ්ඤාණ යනුයි. එසේම අද කාලයේ බොහෝ සිය දිවි නසා ගැනීම්වලට ද හේතු වී ඇත්තේ ඉච්ඡා භංගත්වය යි. (frustration) ඉච්ඡාභංගත්වය චණ්ඩතාවයට පොළඹ වන අතර එමගින් විසඳුම් නොලැබීම තුළින් සියදවි නසා ගනීම දකවා එය දිවෙයි. එසේම දුක නැති කර ගැනීමටද බුදුන් වහන්සේ ආර්ය මාර්ගයක් පෙන්වා දී ඇත. එනම් ආර්ය අෂ්ටාංගක මාර්ගයයි. යහපත් දැකීම, යහපත් සංකල්පනාව, යහපත් වචන, යහපත් කර්මාන්ත, යහපත් දිවි පැවැත්ම. යහපත් උත්සාහය, යහපත් සිහිය, යහපත් සමාධිය යනු එහි වැදගත් අංග අටය. එසේමයහපත් ලෙස සිත පවත්වා ගැනීමට නොහැකිවීම තුළින් සමාජානුයෝජනයේ දී ප්‍රශ්න ඇතිවන අතර සමාධිය නැතිවීම තුලින් සමාජ මනෝවිද්‍යාවට අනුව සමාජ විරෝධී පෞරුෂත්ව ලක්ෂණ ඇති වීමට ද පුළුවන. මේ සෑම කාරණයක්ම තාර්කිකව බලන කල අපට හැඟී යන්නේ බුදු දහම තුළ මනෝවිද්‍යාත්මක අන්තර්ගතයන් විශේෂයෙන්ම පිළිඹිඹු වන බවය.

Post a Comment

Previous Post Next Post
LightBlog

Top Post Ad

LightBlog