උපමා උපමේය හැදින්වීම


 උපමා උපමේය හැදින්වීම
 
 (මෙම පින්තූර අයිතිකරු සතුය)

කිසියම් වස්තුවක් තවත් වස්තුවකට සමාන කර දැක්වීම උපමාවක් ලෙස හැඳින්වේ. උපමාවකදී මෙන්,සේ,වැනි, බඳු, ලෙස, අයුරු ,එම ,විලස වැනි නිපාත පද යොදාගැනේ.

උපමාවට බඳුන් වන වස්තුව උපමේය වන අතර එය වර්ණනා කරන යෙදුම උපමාව නම් වේ.
 

ඇගේ දත් මුතු කැට මෙන් පියකරුය.
 

උපමේය-දත්
 

උපමාව-මුතුකැට
 

පහත වගන්ති වල උපමා උපමේය වෙන් කර ලියන්න.
ඔහුගේ සිත කළුගලක් මෙන් දැඩිය.   ළමයා පවනට බඳු වේගයෙන් දුව ආවේය.
නංගීගේ මුහුණ පුන් සඳ මෙන් සුන්දරය.
කිරි කොකුන් කැලක් සේ ළමයි පාසලට දුව ආහ.
මල්ලි මුව පොව්වකු මෙන් අහිංසකයි.
අක්කා කුහුඹුවකු මෙන් කඩිසරයි.
සමනන් සිවලෙකු මෙන් කපටියි.
ත්තාතා හස්තිරාජයෙකු මෙන් ප්‍රතාපවත්
නංගී මොනරකු මෙන් ආඩම්බරයි.
සිසි වන උවන = සඳ වනි මුහුණ, මෙහි සිසි යන්න උපමාව යි. උවන යන්න උපමේය යි.”
මගෙ අම්මා මට  මානෙල් මලක්  වගෙයි.
අහස සේ ඔබ අනන්තයි - උපමා
ඔබ සිනා සුනා වැවුතලයක් වාගේ - උපමා
බිසවගේ දෙතොල් නා දළු වගේ ය.
ඇගේ පියයුරු රණ තිසරුන් වගේ ය.
රන් තැටියකින් කිරි ඇද හැලුන්නා සේ සදුරැස් ගලන්නට විය.
මගේ සීයාගේ රැවුල සුදු පුළුන් ගොඩක් මෙනි
උඩරට ලියදි පෙළ පියගැටපෙළක් මෙනි.
මගේ සුරතල් අක්කාගේ මාලේ මුතු කැට වැනිය.
මගේ සීයාගේ රැවුල සුදු පුළුන් ගොඩක් මෙනි.
ගුරුතුමා කවි ගායනා කරන්නේ, කනට මී පැණි හලන්නාක් මෙනි.
උදෑසන වැටෙන හිරිකඩ, මල් වරුසාවක් මෙනි.

රූපක හැදිනින් වීම

    රූපක යනු යම් වස්තුවක් තවත් වස්තුවකට සමාන කිරිමේ දී උපමාවාචි නිපාත පද යොදා නොගෙන එක එල්ලේම සමාන කරයි නම් එවැනි පද සිංහල භාෂාවේ දී රූපක යනුවෙන් හැදින්වේ.

ගලන ගගකි ජීවිතේ - රූපක (ගලන ගගක් වගේ ජීවිතේ)
මගේ වෙහෙර නුඹයි - රූපක (නුඹ වෙහෙරක් වගේ)
ආදර ගින්න
නොයිදුල් ඵලය නුඔයි
ලසෝ ගින්න
සෝ සයුර
අදාර ගඟ
ගල් හිත  
මල් හිනාව
මුලකුර ඔබයි



Post a Comment

أحدث أقدم
LightBlog

Top Post Ad

LightBlog