පොල්පලා - Aerva lanata

 පොල්පලා  - Aerva lanata 

(මෙම පින්තූර අයිතිකරු සතුය)

ශ්‍රි ලංකාවේ බොහෝ ප්‍රදේශවල වැවන කුඩා ශාඛයක් ලෙස පොල්පලා හැදින්විය හැකිය. බොහෝ ඹෟෂධ ගුණයක් ඇති ශාඛයක් ලෙස හෙල වෙදකමෙහි සදහන් වේ. පොල්පලා සිංහලෙන් පොල්කුඩු පලා යනුවෙන්ද හඳුන්වයි. මෙය අඩි 2 දක්වා උසට පඳුරක් ලෙස වැවෙන කුඩා  පැළෑටියකි. ශාකය පුරා සුදු පැහැති මල්  දක්නට ලැබේ. ඒකාන්තරව පිහිටා ඇති පත්‍ර ගෝලාකාර සිට ලන්සාකාර ඉලිප්සීය හෝ අණ්ඩාකාර ඉලිප්සීය වේ. සෑම පත්‍ර නටුවක් අසලින්ම පාහේ හට ගන්නා පුෂ්පයන් ඇත. ඉතා කුඩා සුදු පැහැනි පුෂ්ප ද්වීලිංගිකය. බීජවලින් ඵල හැට ගනී. පොල්පලා පළාවක් ලෙස මෙන්ම ඔසු කැඳ සෑදීම සඳහා ද භාවිතා කළ හැකිය. මෙය Amaranthaceae කුලයට අයත් ශාකයකි.

 

මෙරට ජනයා බොහෝ කලක සිට ඔසු පැන් ලෙසත් මුත්‍රා බාධ සඳහා ප්‍රත්‍යයක්ෂ ඖෂධයක් ලෙසත් පොල්පලා තම්බා බීමට පුරුදුව උන්හ. මුත්‍ර අඩස්සිය, මුත්‍ර දැවිල්ල, මුත්‍ර ගල්, අර්ශස්, ගුල්ම රෝග, හෘද රෝග, කාන්තා රෝග,  කැස්ස, ඇදුම, පීනස, හිස රුදා, උගුරේ ආසාදන, පාචන, අතීසාර, ගොනෝරියාව, පාණ්ඩුව ආදී රෝග රැසකට ප්‍රතිකාර කිරීමේදී සම්පූර්ණ පොල්පලා ශාකයම භාවිතා කරයි මුත්‍ර අඩස්සිය, මුත්‍ර දැවිල්ල සහ මුත්‍ර ගල් සඳහා මෙම සම්පුර්ණ ශාකයම තම්බා බිම ප්‍රත්‍යයක්ෂ ප්‍රතිකාරයකි.


සැකසීම ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘතිය ඇසුරණින්

 

 ඔබ සැමට තෙරුවන් සරණයි

 

.

Post a Comment

Previous Post Next Post
LightBlog

Top Post Ad

LightBlog