ශ්‍රද්ධාව හා භක්තියේ වෙනෙස හදුනා ගන්න

 ශ්‍රද්ධාව හා භක්තියේ වෙනෙස හදුනා ගන්න





බුදු දහම පිළිබදව යමෙකුට ශ්‍රද්ධාවක් ජනිත වේ. තවත් කෙනකුට කිතු දහම, ඉස්ලාම් දහම ආදිය ඇදහීමේ භක්තියක් ඇති වේ. මේ මානසික තත්වයන්ගේ වෙනස කුමක්ද? කියා හදුනාගත යුතුය.

ශ්‍රද්ධාව වනාහි පැහැදීමකි. පදනමක් සහිත විශ්වාසයකි. එය සිත ප්‍රසන්නභාවයට(සතුටට) පත් කරන්නකි. ශ්‍රද්ධාව දෙයකාර බව බුදුන්වහන්සේ දේශනා කොට තිබේ. ආකාරවතී ශ්‍රද්ධාව හා අමූලිකා ශ්‍රද්ධාව ලෙසය. අමූලිකා ශ්‍රද්ධාව වනාහි හුදු හදවත හා හැඟීම් පදනම් කරගත් පැහැදීමයි. ආකාරවතී ශ්‍රද්ධාව වනාහි විචාර බුද්ධියෙන් විමසා(යෝනිසෝමනසිකාරය), ප්‍රශ්න කර, තර්ක කර, සැක පහව යාමෙන් අනතුරුව ජනිත වන මොළය හා හදවත සමබර වූ පැහැදීමයි.


බුදුන්වහන්සේගේ ඉගැන්වීම් හදාරා යමෙකු ධර්ම මාර්ගයේ හැසිරීම පටන් ගත යුත්තේ මේ ආකාරවතී ශ්‍රද්ධාව ජනිත වුවහොත්ය. බුදුන්වහන්සේගේ ධර්මය කෙරෙහි පැහැදීමක් ජනිත කර ගැනීමට පෙර ධර්මය ප්‍රශ්න කිරීම කළ යුතු යැයි බුදුන්වහන්සේ නිර්දේශ කර තිබේ. එය කාලාම සූත්‍රය, වීමංසනික සූත්‍රය, චුල්ල හත්ථිපදෝපම සූත්‍රය ආදි සුත්‍ර දේශනා තුළින් පැහැදිලිවේ.

විචාර බුද්ධියෙන් යුතුව විමසා බලා මිස තමන්ගේ ධර්මය යමෙකු පිළිගත යුතු නැති බව බුදුන්වහන්සේ අවධාරණය කොට තිබේ. බුද්ධ ධර්මය බුදුන්ගේ මහා ප්‍රඤාව මුල් කරගෙන දේශනා කොට ඇති බැවින්, මුල් බුදු සමයේ සූත්‍ර සම්බන්ධයෙන් අසන ඕනෑම ප්‍රශ්නයකට සාර්ථකව පිළිතුරු ලබා දීමේ හැකියාවක් ද තිබේ. එසේම යමෙකු එසේ ප්‍රශ්න කර ඔහුට එහි ප්‍රතිඵලය ලෙස ප්‍රශ්න නිරාකරණය වී පැහැදීමක් ජනිත නොවුණොත් ඔහුට ධර්මය පිළිගන්නා මෙන් කිසිඳු බලකිරීමක් බුදුසමය තුළ නොමැත.


ඔහුට හැරී යා හැකිය. බුදුන්වහන්සේ ධර්මය පිළිනොගත්තේ යැයි කියා හේ නිරයට නියම වූ මිත්‍යා දෘෂ්ඨිකයෙකු වන්නේ නැත.(සාලෙයියක සූත්‍රය තුළින් එය පැහැදිලිවේ.

එසේම යමෙකු ශ්‍රද්ධාව ජනිත කර ගත්තාය කියා ඔහුට ගැලවීම ලැබෙන්නේ නැත. එය ධර්ම මාර්ගයේ පළමු පියවර පමණි. සීල - සමාධි - ප්‍රඥා වඩමින්, විමුක්තිය(නිවන) සාක්ෂාත් කිරීමට ඔහුට තව බොහෝ දුර යා යුතුය. එනමුත් කිතුනු දහමේ, භක්තිය වනාහි භය, ආදරය, පදනම් විරහිත විශ්වාසය හා ප්‍රශ්න විරහිත පිළිගැනීමකි. “නොදැක විශ්වාස කරන්නවුන් භාග්‍යවන්තයන්” බව ජෙසුස්වහන්සේ දේශනා කොට තිබේ. මේ අනුව කිතු දහමේ විමුක්තිය යමෙකුට ලබාගත හැක්කේ මෙම භක්ති මාර්ගයේ ගමන් කළ හොත් පමණි. ඉස්ලාම් දහමේ ද එසේය. අල්ලාහ් දෙවියන් අදහා ගෙන මහම්මත්තුමා ඔහුගේ දූතයා ලෙස පිළිගැනීම නිසාම ගැලැවීම ලැබෙන්නේය යනුවෙන් සදහන්වේ.


“මා තුළින් මිස අන් කිසිවෙක් ස්වර්ග රාජ්‍යයට නොපිවිසෙන බව” ජේසුස්වහන්සේ පවසා තිබේ. එහෙයින් ගැලවීම ලැබෙන්නේ ජේසුස්වහන්සේ අදහා ගැනීමෙන් පමණි. එනම් උන්වහන්සේ, හදවතින්ම අදහා ගැනීමෙන්ම විමුක්තිය ලැබේ. මුල්ම මිනිස්සු දෙදෙනා වූ ආදම් සහ ඒවා, තහනම් ගහේ ගෙඩි කෑම නිසා, සෑම මානවයෙකුටම උරුම වන ජන්ම පාපයට, ජේසුස්වහන්සේ අදහා ගැනීම හේතුවෙන් සමාව ලැබේ. විමුක්තිය උදෙසා තව අමුතුවෙන් කළ යුත්තක් නැත. එනමුත් ප්‍රතික්ෂේප කරන්නාට අත්වන්නේ සදාකාලික නිරයයි. ප්‍රශ්න කිරීම, සැකකිරීම කිතු දහම තුළ පුද්ගලයාට අයිතයක් නැත.

බයිබලය ගෙන කිතු දහම ගැන දිගින් දිගටම ප්‍රශ්න ඇසුවහොත්, තර්ක කළහොත්, සාර්ථක පිළිතුරු දීමේ හැකියාවක් ද නොමැත. හේතුව කිතු දහම තුළ යම් යම් ගැටැලු පැවැතීමයි. ඉස්ලාමය සම්බන්ධයෙන් මේ තත්වය එසේමය.


මේ අනුව පැහැදිලි වන්නේ ශ්‍රද්ධාව යනු බුදුම් දහම් සංඝ යන ත්‍රිවිධ රත්නය පිළිබදව මනා විමසා බලා ඇති කරගන්නා වු විශ්වාසයයි. නමුත් භක්තිය යනු බිය මුල්කරගෙන ඇතිකරගන්නා වු ඇදැහිල්ලි හා විශාවාසයි එය ප්‍රශ්න කළ නොහැකිය. කියනදේ එසෙම පිළිගත යුතුය.


පින්තුරය අන්තර්ජාලයෙන් ලබා ගත්තකි


 ඔබ සැමට තෙරුවන් සරණයි

Post a Comment

Previous Post Next Post
LightBlog

Top Post Ad

LightBlog