ගුත්තිල කාව්‍යයේ අර්ථ රසය හා ශබ්ද රසය යොදා ගෙන ඇති ආකාරය පැහැදැලි කරන්න
කෝට්ටේ යුගයේ වැඩ සිටි වෑත්තාවේ හිමියන් විසින් ගුත්තිල කාව්‍ය නම් ග්‍රන්තය රචනා කරන ලදි ඒ සදහා ගුත්තිල ජාතකය උපයෝගි කර ගෙන තිබේ. ගුත්තිල කාව්‍ය රචනා කිරිම සදහා සිරි පැරුකුම් රජුට සේවය කළ ඇමැතිවරයකු වු සලාවත ජයපාල මැතිතුමා ආරාධනා කළ බව සිංහල සාහිත්‍ය තුළ සදහන් වේ.
උසස් කාව්‍ය නිර්මාණයක් බිහිවන්නේ අර්ථ රසය හා ශබ්ද රසය මනාව සුසංයෝජනය කිරිමෙන්ය. එය පිළිගත් කාව්‍ය මුල ධර්මයකි. අර්ථ රසය යනු කවියකින් ඉදිරිපත් කරනු ලබන නවුම් අත්දැකිමය. එය රසවත් වන්නේ පෙර නොදුටු නො ඇසු අර්ථයක් ස්මතු වු විටය. ශබ්ද රසය යනු කාව්‍ය නිර්මාණය තාලානුකූලව ගායනා කරන විටය කනට දැනෙන රසයයි.
ගුත්තිල කාව්‍යයේ එන වෙණ මිහිර ඉහත දැක්වු සුලක්ෂණ වලින් පරිපුර්ණත්වයට පත් වු කාව්‍ය නිර්මනායකි. වෙණ මිහිරට පදාක වී ඇත්තේ ගුත්තිල පඩිතුමාගේ තත් සුන් වීණාවෙන් නිකුත් වු සුමිහිරි වීණා නාදය මුලු ලෝසතුන් පින වු අයුරු විදහා පෑමය.
පුයේ කාන්තාවන් දෝකාර නංවමින් ඇසෙන සුමිහිරි විණා නාදයෙන් මත්ත වු අයුරු වර්ණනා කිරිමට අර්ථ රසයෙනුත් ශබ්ද රසයෙනුත් පරිපුර්ණ පද්‍යයක් යොදා ගැනිමට වෑත්තෑවේ හිමි සමත් වී ඇත.
මන් මත් කරවන දන මුළු දෙරණා - රසවත් වන වෙණ නද නද කරණා
සවනොත් සද පුරඟන ලොබ දිවුණා - නොදනිත් දරුවන් ඇකයෙන් වැටුණා
මුළු ලෝ වැසියන්ගේ සිත් මත් කරවන නන්දනීය විණා නාදය සවන් වැටුණු විගස පුර කුන්ගේ ආශාව වැඩිවී ගොස් ඔවුන් නොදැනුවත්ම ඇකයෙහි හුන් දරුවන් බිම වැටුණි. යන අර්ථය ස්මතුවන මෙම නිර්මාණයේ වාචිකාර්ථය මැඩ ගෙන මතුවන ව්‍යංගාර්ථය වු කලී වාදනයේ සුමිහිරි බව දක්වීමයි. එම අර්ථ රසය වඩාත් උපරිම තලයට පත් කරනුයේ නිර්මාණය උදෙසා වෑත්තෑවේ හිමියන් උපයුක්ත කර ගත් ශබ්ද රසය නිසාය. ඒ සදහා එළි සමය රකීම හා උපමා රූපක වැනි කාව්‍ය අලංකාරයන් යොදාගන්නා ලදී
ගුත්තිලගේ වෙණ නදින් මත් වු විවිධ සතුන්ගේ ක්‍රියාකාරකම් වඩාත් සුන්දරව දැක්වීමට ශබ්ද රසය මෙන්ම අර්ථ රසයෙන් යුත් පද්‍ය යොදා ගන්නා ලදී
පන් සිළු වීණා නද පසු බැස්වු - මන් පින වන වෙණ නදයෙන් තොස්වු
නන් දන කැන් දුටුව ද බිය සිසු වු - මින් රළවුත් ගං වෙරළට රුස් වු
ගුත්තිලගේ වීණා නාදය දෙවිලොව පංචසිකගේ වීනා නාදයට වඩා මිහිරිය. එවැනි විණා නාදයෙන් සතුටට පත් වු ගං දියේ වු මාලුවෝ මිනිසුන්ට බිය නොවී ගං ඉවුරටම රුස් වුහ. යන කවි සංකල්පනාව ඉදිරිපත් කිරිමට වෑත්තෑවේ හිමියන් අර්ථ රසයෙන් හා ශබ්ද රසයෙන් යුත් පද්‍යක් යොදා ගන්නා ලදී
ගුත්තිල පඩිතුමාගේ විනානාදයේ විශල් බව දැක්විම සදහා අර්ථ රසයෙනුත් ශබ්ද රසයෙනුත් සමන් විත පද්‍යක් යොදා ගැනිමට කතුවරයා සමත් වී ඇත
දිය දිය ගොස පළ කෙරමින් සපැමිණි - ගිය ගිය තැන ඉස්වා රන් මුතු මිණි
ගිය ගිය දින නද එන මෙන් ගෙන මිණි - සිය සිය ගුණයෙන් වෙන නද නික්මිණි
දිය දිය ගිය ගිය සිය සිය ලෙස එකම පදය කිහිප වරක් භාවිතා කිරිම නිසා අනුප්‍රාස රසය ස්මතු කිරිමටත් පැතිරි යන විණා නාදයේ ලයාන්විත බව හැගවීමටත් ඉහල් විය. කවි තාලානු කූලව ගායනා කිරිමට හැකි නිසා මෙම පද්‍ය අර්ථ රසයෙන් හා ශබ්ද රසයෙන් පරිපුර්ණ පද්‍යයක් ලෙස හැදින් විය හැකි.
රජතුමාගේ යුද සේවකයෝ වීණා නාදයෙන් මත් වු අයුරු දැක්වීම සදාහ වෑත්තෑවේ හිමියන් අර්ථ රසයෙන් හා ශබ්ද රසයෙන් පරිපුර්ණ පද්‍යක් උයෝගි කර ගන්නා ලදී.
නිති නිදුන්ගේ රුකවලෙහි නියුත්තෝ - රුති ලෙස රුපුනොද බිද ජය ගත්තෝ
පැති රෙන වෙණ නද බැදුණු සිතැත්තෝ - අති නවි ගිලිහෙන බව නොම දත්තෝ
නිරන්තරයෙන් රජු රකිනා සතුරන් පරාජය කොට ජය ලැබු යුධ භටයෝ තමන්ගේ අතින් අවි ආයුධ ගිලිහුන බව නොදත්තේය. යන අර්ථය ස්මතු කිරිම සදහා වෑත්තෑfවි හිමියන් අර්ථ රසය හා ශබ්ද රසය එකාත්මික වන ආකාරයට පද්‍ය නිර්මාණය කිරිම ප්‍රසංසනීයය.
ඔබ සැමට තෙරුවන් සරණයි
Post a Comment