මහා වාණිජ ජාතකය

මහා වාණිජ ජාතකය

(මෙම පින්තූර අයිතිකරු සතුය)
 



බුදුරජාණන් වහන්සේ ජේතවනාරාම විහාරයෙහි වැඩ වසන සමයේ සැවැත් නුවර වාසී වෙළදුන් පන්සියයක් අරබයා මේ ජාතක කතාව දක්වා ලූ සේක.


එම වෙළෙඳනු වෙළදාමට යන්නට සැරසනානු බුදුරජාණන් වහන්සේට මහ දන් දී තිසරන සරණේ පිහිටා ”ස්වාමීනි, ඉදින් අප නිරෝගීව ආපසු ආවෝ නම් නුඹ වහන්සේගේ ශ්‍රී පතුල් දෙක වඳින්නමෝ වේදැ ” යි කියා පන්සියයක් පමණ වූ ගැල් රැගෙන නික්ම ගියාහ. එසේ ගොස් මහත් කාන්තාරයකට පැමිණ අනපේක්ෂිත පරිදි පැන් නැතිව සාපිපාසා දෙකින් පීඩිතවුවෝ එක් මහා නුග සක් දැක එහි ගොස් ගැල් මුදා යස මුල හුන්හ. එය බලවත් නා රජකු විසින් අධිගෘහිත වූවකි. ඒ ගසේ ඉතා කොළ පැහැති ජලයෙන් පිරි ඇත්තා සේ පෙනෙන පත්‍රවලින් යුත් එක් අත්තක් දැක ”අපි මේ අත්ත කපා බලමු” යයි කියා එක් මිනිසෙක් ගසට නැග නැගෙනහිරට විහිදුණු එම අත්ත කැපීය. ඒ ක්ෂණයෙහි මහත් දිය කඳක් එයින් වැගිරෙන්නට විය. එම ජලයෙන් නා පැන් බී තවත් පරික්ෂා කිරීම වශයෙන් ඒ මිනිසා යසේ දකුණු අත කැපීය. ඒ ක්ෂණයෙන් එයින් නා නා රස බොජුන් වැගිරෙන්නට විය. ඒ අනුභව කළ වෙළෙන්දෝ ගසේ බටහිරට විහිදුණු අත්ත කැපූහ. ඒ ක්ෂණයෙහි එයින් මහත් රූප ශෝභාවෙන් යුතු තරුණ ස්ත්‍රීන් බිමට බැස ආහ. වෙළෙන්දෝ ඔවුන් ඇසුරු කොට ඉක්බිති උතුරු දෙසට විහිදුණු අත්ත කැපූහ. ඒ ක්ෂණයෙන් අගනා මුතු මැණික් සහ දියමන්ති වැගිරෙන්නට විය.


වෙළෙන්දෝ ඒවා එකතු කොට ගැල් පන්සියයේ පුරවා සැවැත් නුවරට පෙරළා අවුත් තමන් ගෙන ආ ඒ වස්තුව සුරැකිව තැන්පත් කොට තබා සුවඳ මල් තෙල් ආදී පූජා භාණ්ඩ රැගෙන ජේතවනාරාමයට පැමිණ බුදුන් පුදා බණ අසා මහදන් දී ස්වාමීනි, අපට කාන්තාරයේ දී පිහිට වී මහත් සැප සම්පත් දුන් එක් වෘක්ෂ දේවතාවකුට පින් අනුමෝදන් කරන්නට කැමැතේමුයි කීහ. බුදුහු ”වෙළෙඳුනි, තෙපි කවර වෘක්ෂ දේවතාවකුට පින් දෙව්දූ ” යි බුදුන් විචාළ විට වෙළෙන්දෝ තමන් නුග ගසින් ආහාර පාන, පංචකාම සම්පත්තීන් සහ මහත් වස්තු ලද ආකාරය ප්‍රකාශ කළාහුය. එබස් ඇසූ බුදුහු. ”උපාසකවරුනි, තෙපි තෘෂ්ණාභරිත නොවී ප්‍රමාණය දැන සම්පත් ලබාගත් බැවින් සුවපත්ව ආහ. එහෙත් පෙර කල අධික තෘෂ්ණාවට වහල් වූ පිරිසක් සම්පත්තීන්ගෙන් ද ජීවිතයෙන්ද පිරිහුණෝ වේදැ‘ යි වදාරා ” ඒ කෙසේ දැ ” යි වෙළඳුන් විසින් ආරාධිත වූ කල මෙසේ ඉකුත් වත් දක්වා ලූ සේක.


යටගිය දවස බරණැස් නුවර විසූ එක්තරා නුවණැති වෙළඳ නායකයකු වෙත නොයෙක් පළාත් වලින් ගිය වෙළෙසුන් පන්සියයක් දෙනා ඔහු සිය ගැල් තවලමෙහි නායකයා ලෙස සලස්වා ගෙන වෙළඳාම සඳහා පිටත්ව ගියහ. ඔවුනුත් තොප සේම කාන්තාරයේ මංමුළාව එකී මහා නුග ගස දැක එහි සෙවණට ගොස් තොප කළා සේම එහි නැගෙනහිර, දකුණ, බටහිර සහ උතුර යන දිසාවන්ට විහිදී තිබූ අතු කපා පිළිවෙළින් ජලය, ආහාර, ස්ත්‍රීන් සහ රන් රුවන් ලබා වෘක්ෂ දේවතාවා විසින් සපයන ලද වස්ත්‍ර හැඳ, මුදු මොළොක් යහන්වල සුවසේ සැතපුණාහ. මෝහයෙන් සහ ලෝභයෙන් අන්ධ වූ පිරිස ”අපි මේ ගස මුලින්ම කපා ලූවොත් තව තවත් වස්තු ලැබිය හැකි වේය ” යි කියා එය කපන්නට පටන් ගත්හ.


එසඳ නුවණැති සාත්තු නායකයා ඒ පිරිස අමතා ” පින්වත්නි, අප මේ කාන්තාරයේ අසරණව දුක්ඛිතව සිටියදී තම ශාඛාවන්ගෙන් අපට හැම ආකාරයකම් සැප සම්පත් දුන් මේ වෘක්ෂය මෙසේ වැනසීම සුදුසු නොවෙයි. මිත්‍ර ද්‍රෝහීකම ඉතා පහස්ය. නුවණැත්තෝ තමන් සැතපී උන් ගසෙන් රිකිල්ලක් හෝ කැඩීම මිත්‍රපේශී ක්‍රියාවකැයි ඉන් වළකිත්තාහ” යනුවෙන් කියා ඒ අනුවණයන් එම සාහසික ක්‍රියාවෙන් වළක්වන්නට උත්සාහ කළහ. අවසානයෙහි හෙතෙම දොහොත් මුදුනේ තබා ඔවුන්ට වැඳ එම දුර්ජන ක්‍රියාවෙන් වළක්වන්නට වෑයම් ගත්තද එම පිරිස ඒ තනි පුද්ගලයාගේ බසට නොනැමී ලෝභයෙන් එම වෘක්ෂය කපන්නට වූහ.


මේ වෘක්ෂයට අධිගෘහිත නා රජු උන්ගේ එම දුෂ්ට ක්‍රියාව දැක මම අසරණව උන් මුන්ට ආහාර පාන කාම සම්පත්තීන් සහ මහා වස්තු දුනිමි. එහෙත් මුත් ලෝභයෙන් අන්ධ වූවෝ, කළගුණ නොසලකා මාගේ ගස නසන්නට සැරසෙති. නුවණැති නායකයා හැර අන් හැම නසාපියමි ‘ යි සිතා තම නාග සේනා මෙහෙයවා නායකයා හැර අන් සියලු වෙළඳුන් මරා අළු කොට එතැන වූ සියලු රන් රුවන් සහ මුතු මැණික් ගැල් පන්සියයේ පුරවා තම නාගයන් ගැල් පදවන්නන් සේ නිල කොට ගැල් පන්සියයම නුවණැති වෙළඳ නායකයාගේ බරණැස පිහිටි නිවසටම රැගෙන ආහ. ඒ හැම වස්තු ඒ නුවණැති ගුණවත් නායකයාට පවරා දී සමුගත් නාගයෝ පෙරළා තම භවනයටම ගියාහ.


නොවීය. “උපාසකවරුනි, සත්පුරුෂයන් ලෝහයට වසභ නොවිය යුතුය. අකෘතඥ යුතුය. තෘෂ්ණාව තමන්ට මෙලෝ පරලෝ දෙකින්ම අවැඩ සලසන බව සිතට ගත යුතුය. ආදී වශයෙන් ධර්ම දේශනා කොට “ ලෝභයට වසඟ වූ පන්සියයක් දෙනා නිසාකාරණයේ විනාශ වූයේ එසේය. තෘෂ්ණාවට වසඟ නොවූ නුවණැති උත්තම පුරුෂයෝ මෙලෝ පරලෝ සැපතින් නොපිරිහෙන්නෝ ය ” යි මේ මහා වානිජ ජාතකය නිමවාලමින්, “උපාසකවරුනි, එකල නා රජ්ජුරුවෝ නම් දැන් ශාරිපුත්‍ර ස්ථවිරයෝය. එසඳ සාත්තු නායකයා නම් බුදු වූ මම්ම වේදැ‘ යි බුදුහු තමන් වහන්සේ දක්වා වපළ සේක.
 

 

ඔබ සැමට තෙරුන් සරණයි


Post a Comment

Previous Post Next Post
LightBlog

Top Post Ad

LightBlog