ස්වධර්ම පිළිබදව බ්‍රාහ්මණ විග්‍රයහ
(මෙම පින්තූර අයිතිකරු සතුය)
බ්‍රාහ්මණ ආගමේ ඇතුළත් තවත් වැදගත් ඉගැන්වීමක් වශයෙන් ස්ව ධර්ම සංකල්පය හදුන්වා දිය හැකිය. ස්ව ධර්ම යනුවෙන් අදහස් කරනු ලබන්නේ බ්‍රාහ්මණ ක්ෂත්‍රිය වෛශ්‍ය ශුද්‍ර යන කුළයන්ට අයත් කර්යන් හෙවත් වගකීම්ය. බමුණන්ගේ බලය තහවුරු කර ගැනිම පිණිස හදුන්වා දෙන ලද වර්ණ ධර්ම සංකල්පය තව දුරටත් තහවුරු කර ගැනිමේ අපේක්ෂාවෙන් ස්වධර්ම හදුන්වා දී තිබේ. මේ මගින් කුළයන් අතර සංකලනයක් ඇති නොවී අඛන්ඩව පවත්වාගෙන් යැමට ද උපකාරිවී තිබේ. බ්‍රාහ්මණ ආගමේ ස්ව ධර්මයන් පිළිබදව වැඩි දුරටත් සදහන් කොට තිබෙන්නේ ස්ව ධර්මේන නිධන: පරම ධම්මෝ භයාවහ: යනුවෙනි තම කුලයට අයත් කාර්යන් පමණක් කළ යුතුය අන් අයගේ ස්ව ධර්ම අනුගමන කිරිම බිය ගෙන දෙන කරුනකි. එම නිසා ස්ව ධර්ම සියල්ලෝම අවිවාදයෙන් පිළිගත යුතුය ඒ පිළිබදව තර්ක විතර්ක නොකළ යුතු බව ද බමුණන් ප්‍රකාශ කලේය. ඒ නිසා තමාගේ කුලයට අයත් ස්ව ධර්ම අකමැත්තෙන් වුවද කිරිමට සිදුවිය. ස්ව ධර්ම උපතින් උරුම විය. එම ස්ව ධර්මයන් පිළිබදව මනුස්මෘතිය නම් ග්‍රන්ථයේ සදහන් වේ ඒවා මෙසේ ගෙන හැර දක්විය හැකිය.
බ්‍රාමණ වංශිකයන්ගේ ස්වධර්ම
බමුණන්ට අයත් ස්වධර්මයන් මනුස්මෘතියේ පළමු වන මණ්ඩලයේ 88 වන ශ්ලෝකයේ දක්වා ඇත්තේ මෙසේය. අධ්‍යාපන මධ්‍යනං - යජනං යාජනං තථා
දානං ප්‍රතිග්‍රහණං චෛව - බ්‍රාහ්මණාන මකල්පයත්
1 ඉගැනිම 2 ඉගැන්වීම 3 යාග කිරිම 4 යාග කරවීම 5 දන්දීම 6 දානය පිළිගැනිම
ක්ෂත්‍රිය වංශිකයන්ගේ ස්වධර්ම
ක්ෂත්‍රියන්ට අයත් ස්වධර්මයන් මනුස්මෘතියේ පළමු වන මණ්ඩලයේ 89 වන ශ්ලෝකයේ දක්වා ඇත්තේ මෙසේය. ප්‍රජානං රක්ෂණං දාන - මිජ්ඣාධ්‍යන මේව ච
විෂයේශ්ව ප්‍රශක්තිශ් ච ක්ෂත්‍රියස්‍ය සමායත: 1 ප්‍රජා පාලනය 2 දන් දීම 3 යාග කිරිම 4 ඉගෙනීම 5 කාමයෙහි නො ඇලිම
වෛශ්‍ය වංශිකයන්ගේ ස්වධර්ම
වෛශ්‍යයන්ට අයත් ස්වධර්මයන් මනුස්මෘතියේ පළමු වන මණ්ඩලයේ 90 වන ශ්ලෝකයේ දක්වා ඇත්තේ මෙසේය.
පශූනං රක්ෂණං දාන - මිජ්ඣාධ්‍යන මේව ච
වණි: පථං කුසීදං ච වෛශ්‍යස්‍ය කෘෂිමෙවච 1 සත්ව පාලනය 2 දන් දීම 3 යාග කිරිම 4 ඉගැනිම 5 වෙළදාම 6 මුදල් පොලිය දීම 7 කෘෂි කර්මාන්තය
ශුද්‍ර වංශිකයන්ගේ ස්වධර්ම
ශුද්‍රයන්ට අයත් ස්වධර්මයන් මනුස්මෘතියේ පළමු වන මණ්ඩලයේ 91 වන ශ්ලෝකයේ දක්වා ඇත්තේ මෙසේය.
ඒක මේවතු ශුද්‍රස්‍ය ප්‍රභු: කර්ම සමාදිසත්
ඒ තේෂා මේව වර්ණනාං සුශ්‍රෑසා මනුසුයසා
මහා බ්‍රාහ්යා විසින් ශුද්‍රයන්ට නිය කළේ එකම කාර්යක් පමණි එනම් බ්‍රාහ්මණ ක්ෂත්‍රිය වෛශ්‍ය ශුද්‍ර යන කුලයන්ට උපතේ සිට මරණය දක්වා බැලැමෙහේවර කිරිමයි
ඔබ සැමට තෙරුවන් සරණයි.
Post a Comment