රසයෙන් ගුණයෙන් වැඩි කටු අනෝදා ආහාරයට ගෙන නිරෝගි ජිවිතයක් ගතකරමු
(මෙම පින්තූර අයිතිකරු සතුය)
ජන සමාජයේ ජිවත් වන සෑම දෙනාම කටු අනෝදාවලට ප්‍රිය කරති. වසරකට දෙවතාවක් ඵල හටගන්නා කටු අනෝදා ශාකය සෑම පළාතකම දැකිය හැකි වේ. මෙහි ඇති ගුණය පිලිබඳව අවාසනාවකට අද බොහෝ දෙනා දන්නේ නැත. අනෝදා ශාකයේ ගෙඩි , මල්, ඇට , පොතු සහ කොළ යන පංචාංගයම ඖෂධ සෑදීම සදහා යොදා ගැනේ. විස රසායනික යෙදීමක් සිදු නොවන නිසා උපරිම ගුණයක් සිරුරට මෙමගින් ලබාදේ. පලතුරක් ලෙසද, කටු සහ ලෙල්ල ඉවත් කර කිරි සහ ජලය යොදා බ්ලෙන්ඩර් කරගෙන මිහිරි පානයක් ලෙසද එමෙන්ම වැංජනයක් ලෙසද කටු අනෝදා ආහාරයට එක් කර ගත හැකියි.
කටු අනෝදාවල විශ්මිත ගුණය රාශියක් ඇත. මෙම පළතුරේ ඇට භාවිතයෙන් ශරීරයේ බාහිර හා අභ්‍යන්තර වශයෙන් සිටින පරපෝෂිතයන් විනාශ කිරීමේ හැකියාවක් පවතී. කටු අනෝදා රෝග ගණනාවකට ගුණ දෙන ඖෂධීය ශාකයක් වේ. මුඛ ආශ්‍රිත රෝගයන් වන විදුරුමස් දියවීම, ලේ ගැලීම, මුඛයේ ඇතිවන තුවාල වලට කටු අනෝදා යහපත් ප්‍රතිඵල ලබාදේ. එමෙන්ම මුත්‍රා දැවිල්ල, මුත්‍රා අඩස්සිය, මුත්‍රාගල් සුව කිරීමේ ගුණය අනෝදා සතුව ඇත. දියවැඩියාව, අධිරුධිර පීඩනය ආදී රෝගයන්ටද කාන්තාවන්ට වැලදෙන රෝග, නින්ද නොයන පුද්ගලයන්ටද සාර්ථක ප්‍රතිඵල ලබා දෙන අනෝදා වල පිළිකා සෛල විනාශ කිරිමේ හැකියාවක් ද ඇත. තවද ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනයට, සම පැහැපත් කිරීමට කටු අනෝදා හි ඇති ගුණයන් උදව්වේ.
කටු අනෝදා අහාරයට ගැනිම නිසා විවිධ රෝගයන් වැක්වා ගත හැකි බව විවිධ පරේෂණ මගින් අනාවරණය වී ඇත ඒ අතර පහත සදහන් ගුණාංග ශරිරයට ලබාගැනිමට කටු අනෝදා උපකාරවේ
පිළිකා මර්ධනයේදී බර අඩුවීමෙන් හා කෙස් වැටීමේ ආභාධ වලින්තොර ඖෂධයක් ලෙසද
මාරාන්තික ආසාදන වලක්වමින් ප්‍රතිශක්ති පද්ධතිය ආරක්ෂා කරන බවද
ශරීර ශක්තිය වර්ධනය කරන ශක්ති ජනකයක් ලෙසද
දරු ප්‍රසූතියෙන් පසු මවගේ කිරි වල ගුණාත්මය වැඩි කරවන බවද
පාචනය හා උණ වලක්වන ප්‍රතිකාරකයක් ලෙසද
අභ්‍යන්තර හා බාහිර පරපෝශිතයින් නැසීමේ ඖෂධයක් ලෙසද කටු අනෝදා පත්‍ර වල සාරය.
අතන්ද්‍රතාවය හෙවත් insomnia රෝගීන් සදහා ප්‍රතිකාරකයක් ලෙසද
වැදගත් වන බව අනාවරණය වී ඇත.
අන්තර් ජාලය ඇසුරින් සැකැසුමකි.
ඔබ සැමට තෙරුවන් සරණයි.
Post a Comment