ගිය ගමන් නොගිය ලෙසට ආවා යයි කීවා වගේ
(උපමා කථා)
එකතරා කාලයක කපටි ගැමියෙක් ගමක සිටියේය. ඔහු ගම රාළගේ නිවසට ගියේය. දවල් කෑම ටිකක් ලබාගැනිමේ අදහසින් කපටි ගැමියා ගම රාළගේ ගෙදර මඳක් පමා විය. ගමරාළ හා ගමහාමිනේ ඉතා ලෝභ අය වූහ. ගැමියා පමාවන්නේ කෑම ටිකක් කෑමට බව දනගත් ගමරාළ තමත් කරමින් සිටි කටයුත්ත තව දුරටත් කරන්නට විය. ගමරාළ තම උදැල්ලේ මිට උදැල්ලෙන් ගලවා හැඩය බලමින් මිට උදැල්ලෙට සවි කළේය. මෙලෙස කිහිපවක්ම සිදු කළේය. ගමහාමිනේද උයන ලෙස හඟවමින් කුස්සියට වී සිටියාය. ගැමියා මේ දෙදෙනාගේ හැටි දන්නා නිසා තමන් ආපසු යන බව අඟවා ගෙයි පිටිපස්සට වී සැගැවි සිටියේය. ගැමියාගේ ගමනින් සතුටට පත් ගමරාළ මෙසේ කීවේය.
ගැහුවා මිටක් නොගැසු ලෙසට නරකද මම ගැසුවා
බත් උයමින් සිටි ගම හාමිනේ ඉව්වා බහත් නොයිම් ලෙසට නරකද මම ඉව්වා
ගම දුව ගාපු පොලුත් නොගෑ ලෙසට නරකද මම ගෑවා
ගෙයි පිටපස සිටි කපටි ගැමියා ගිය ගමනත් නොගිය ලෙසට මෙන්න මමත් ආවා කියා නිවසට නැවත පැමිණියේය. ඒ දුටු ගමරාළට කිසිවක් කරගත නොහැකි වී ගැමියා කපටි ගැමියාට දවල් ආහාර දෙන්නට සිදුවිය. කපටි ගැමියා දාහාවල හොදින් ආහාර ලබා ගෙන ගමගෙදරින් සතුටින් පිටත් විය.
Post a Comment